20

813 156 123
                                    

"It's me???
I'm your snowdrop???"

මං අයියෙගෙන් ඇහුවෙ හිතාගන්නත් බැරුව. දැන් නම් මගේ සේරම powers activate වෙලාද කොහෙදෝ තියෙන්නෙ.
ලෝකෙම අල්ලලා අනිත් පැත්ත ගහලා kryoton වලටම තල්ලු වෙලා යන්න පයින් එකක් දෙන්නත් පුළුවන් මට.

අයියෙ ඔයාට කැම්පස් ගියාම වුනත් කවුරුම හරි පාට් දාගෙන ආවොත් කියන්න. මං උන් ඔක්කෝමලව කණපිට ගහලා kryptonවලටම පිටුවහල් කරලා දාන්නම්!

"No!
You are so much more!
You are my little thief!
My cutie pie!
My cherry plum!
My little snowdrop!
My ball of sunshine!
And more and more and more...!"

"Really...?
You like me that much?
As much as I like you?"

"Again a big, big NO!
I like you more than that!
You are the sweetest thing in my life!"

අම්මෝ!
දැන් නම් මට එක තැනක ඉන්නම බෑ.
කකුල් දෙකට පිස්සු හැදිලා වගේ.
මං උඩ පැන පැන කාමරේ වටේම ගියා.

"Ayye.....!
I've already decided, I'll make you the king of Krypton.
So you can have all the fun!
I'll do the fighting.
If someone troubles you just let me know.
I'll smash them all into dust!"

මං අයියගෙ ඇඳට පැනලා ඒක පුරාම උඩ පැන පැන යන ගමන් කිව්වෙ.
අද නම් aliensලා හමුදාවක් ආවත් fight කරලා දිනන්න පුළුවන්.
අයියගෙ කාමරේ මොකක් හරි super power source එකක් තියෙනවා වගේ!

මං ඇඳෙන් බිමට පැනලා බැල්කනි එකට යන දොරේ උළුවස්සෙ එල්ලි එල්ලි පැද්දුනා. මෙහෙම කලාම උස යනවලු.
ඉක්මනටම ලොකු වෙන්න ඕනෙ මොනා හරි කරලා.
එතකොට අයියගෙ කැම්පස් එකටම ගිහින් මටත් එයත් එක්ක ඉන්න පුළුවන්.

"Hey! Cutie,
You had your lunch just now!
Come here!
Let's do a video game!"

අයියා පිටිපස්සෙන් ඇවිත් මාව බදාගෙන බිමට ඇදලා ගත්තා.
ඊට පස්සෙ අපි දෙන්නා ගේම්ස් ගැහුවා පැයක් විතරම. අපි දෙන්නම එක team එකක් වෙලා online game එකක් play කලේ. අයියා මට සැරින් සැරේට උදව්නුත් කලා අමාරු තැන් වලදි.
කොහොම හරි ඉතින් අපි තමයි දින්නෙ.
Superman ඉද්දි බය වෙන්න ඕනෙ නෑනෙ කිසිම දේකට.

"Ok!
Now it's homework time!
Bring your books Snowdrop!"

ගේම් එක ඉවර වුනා විතරයි අයියා කෑගහන්න ගත්තා. මං අයියගෙ කාමරේ ඉන්න නපුරු බලවේග විනාස කරලා දාන්න හැදුවෙ.
මේක නම් හරි යන්න නෑ. මෙයා දැන් රජා වෙලා මාව බල්ලට දාන්න යන්නෙ.
ඔන්න කරදරයක් වගේ වෙලා නම් මාව වැදගත් mission එකක් අස්සෙන් ගෙන්න ගත්තට කමක් නෑ.
ඒත් ඉතින් මේ ඉස්කෝලෙ වැඩ කරන්න?!

මානස (Completed)Where stories live. Discover now