8

877 195 140
                                    

"Little thief!
How about your homework these days?"

බල්ලත් එක්ක දුවලා දුවලා ඌත් එක්කම බිම වැටිලා හති ඇර ඇර හිටපු මගෙන් ඌරු තඩියා එකපාරටම ඇහුවා. ඇත්තටම මූට මාත් එක්ක තියෙන ඇරියස් එක මොකද්ද දන්නෑ. නැත්තම් මේ වෙලාවෙ ඔය වගේ තේරුමක් නැති කරුමක්කාර ප්‍රශ්න අහනවද? Superman ඔය වගේ දෙකයි පනහෙ ප්‍රශ්නවලට උත්තර දෙන්නෙ නෑනෙ. එයා උත්තර දෙන්නෙ වැදගත් ප්‍රශ්න වලට විතරයි. ඒ සම්ප්‍රදාය කඩන එක බොහොම වැරදි වැඩක්. ඉතින් මායි superdogනුයි අපේ ඊලඟ missions ගැන සාකච්ඡාව දිගටම කරගෙන ගියා. පුස් ඌරා දැනගන්න ඕනෙ ඒකව ගනන් ගන්න එවුන් මෙතන නෑ කියලා. නිකම්ම නිකං නරඹන්නෙක්නෙ ඌ!

"Little thief,
I won't be able to be there like before.
There's so much work now.
So will you help me by doing your work well?"

මේ යකාත් මාර කතා කියන්නෙ!
අම්මා නම් කියලා තියෙන්නෙ උඹ ඉගෙන ගත්තොත් උඹට තියෙයි. ඉගෙන ගත්තෙ නැත්තම් පාරෙ හිඟාකන්න වෙයි. ඒ නිසා ඕනෙ මගුලක් කරගනින් කියලා. හැබැයි ඉතින් පොඩ්ඩ වැරදෙද්දි ඔය කිව්වට හැඳි මිටවල්, කොහු මිටවල් උස්සගෙන එන්නෙ.
ඒ අස්සෙ මේ යකා කියන හැටියට මං ඉගෙනගන්න එක ඌට කරන උදව්වක්ලු!

"උඹ හරි හොඳයි අයියෙ!
ඒ වුනාට ඉතින් මං දන්නවා, මං ඉගෙන ගත්තොත් මට වැඩක් වෙයි. උඹට ඒකෙන් වෙනසක් වෙන්නෙ නෑනෙ!"

"Mmm..... Clever boy!
Ok then, let me ask something else!
What do you want to be, once you grow up?"

"I don't know!
Maybe I just want to be me!"

මං කිව්වෙ ඉතින් මං කොහොමත් superman නිසා. Superman කියන්නෙ ලොකු වගකීමක් තියෙන මනුස්සයෙක්නෙ!

ඒත් පුස් ඌරා නම් හිනා වෙවී මගෙ කොණ්ඩෙ අවුල් කලා.
හැබැයි ඌ ඒක හරියට කලේ නෑ. නිකන් ඔහේ ලාවට ඇඟිලි ටික කොණ්ඩෙ උඩින් අරන් ගියා විතරයි. වැඩක් කරද්දි හරි විදියට කරන්න මේකා ඉගෙන නෑනෙ ඇත්තටම. ඇඟිලි තට්ටෙ දිගෙත් ගෑවීගෙන යන්න ඕනෙ ඔළුව අතගාද්දි. නැත්තම් ඉතින් නිකං ඔළුව උඩින් හුලඟක් හමාගෙන ගියා වගේ විතරයිනෙ!

"You are so unique!
I really like it!"

අනේ ඉතින් අපේ අම්මගෙ හරක් පැටියට ඔහොම කියන්න ඉන්නෙ මේ පුස් ඌරම විතරයි.
ඒකනෙ ඉතින් මොන වැරැද්ද තිබුනත් මං ඌට මගේ helper තනතුර දීගෙන ඉන්නෙ!

මානස (Completed)Where stories live. Discover now