17

711 171 136
                                    

"Hey! Little thief!
Can you hear me?"

"................................."

"Thambaru! Thambaru!
Just look at me!
Are you ok??!!!"

"............................................"

"Thambaru please!
My cutie!
What's wrong?
Can you hear me?"

"........................................."

"Oh my god!
Thambaru!
My darling!
It's gonna be ok!
Everything's gonna be ok!
Slowly breath in and out.
You are gonna be ok!"

අයියා මොන මොනවදෝ කියවනවා. ඒත් මට ඒ කිසිම දෙයක් හරියට ඇහෙන්නෙ නෑ.
මගේ පපුව මොකද්ද වෙලා.
කතා කරගන්නත් බෑ.
හුස්ම ගන්නත් බෑ.
අන්තිමට අර ගල් පතුර මාව මරන්න වගේ හදන්නෙ!
කමක් නෑ ඔන්නොහේ අයියගෙ තුරුල්ලෙ ඉඳන් මැරෙන එකත් සනීප වෙයි.

ඒත් මැරුනෙ නැත්තම් මොකද කරන්නෙ?
අයියා මාව දාලා යනවනෙ එතකොට.
ටික දවසකටත් නෙමෙයි.
ගොඩාක් කාලෙකට!
එයා නැතුව සතියක් හිටියෙත් මං කොච්චර අමාරුවෙන්ද?
දැන් එයා එච්චරම කාලෙකට දුර ගියාම!!!

අයියට මාව අමතක වෙයි!

ඔව්! අයියට මාව අමතක වෙලාම යයි.
එයත් එක්ක car එකේ නැගලා කොහේවත් යන්න වෙන්නෙ නෑ මට.
එදා වගේ තුරුල් වෙලා නිදාගන්නත් වෙන්නෙ නෑ.
ආයෙම games play කරන්න, සැරින් සැරේට ලස්සන තෑගි ගෙනත් දෙන්න,
අයියා කෙනෙක් නැති වෙලා යන්නයි යන්නෙ මට!

එතකොට....
එතකොට මං මොකද කරන්නෙ?

මට දැනෙන්නෙ මාව පුපුරලා යන්න ලඟයි වගේ.
සිහිය නැති වෙලා යනවා නම් හොඳයි මේවා හිතෙනවට වඩා.
මං නැගිටලා දුවන්න හැදුවෙ.
ඒත් යන්න බෑ.
කවුද මාව බදාගෙන!
කවුද ඒ?
මං පුදුම වෙලා බැලුවෙ!

බලද්දි අයියා!
එයා මාව තුරුල් කරගෙන!
මට හෙල්ලෙන්නවත් බැරි වෙන්න බදාගෙන!
ඒත් ඉතින් වැඩක් නෑනෙ!
එයා මට ආදරේ නෑ.
ඒකනෙ මාව දාලා යන්නෙ.
අච්චර ඉල්ලලත් මට එයාගෙ telephone number එක දුන්නෙත් නෑ. කලින් trip එක ගිය වෙලෙත් මට කතා කලේවත් නෑ.

ඉතින් ඇත්තටම මං විතරයි අයියට ආදරේ. අයියා මට පොඩ්ඩක්වත් ආදරේ නෑ.
කොහොමත් මං එයාලගෙ පවුලෙ කෙනෙකුත් නෙමෙයිනෙ. යාළුවෙක් කරගන්නත් පොඩි වැඩියි කියලා හිතෙනවා ඇති.
කරදරකාරයෙක් කියලා හිතනවද දන්නෙත් නෑ.

මානස (Completed)Where stories live. Discover now