46

484 121 74
                                    

"දීපං හු#තො මටත්!"

ජිනාගෙ ලඟ තිබ්බ ඒවයින් ටිකක් මාත් බලෙන්ම ඇදලා ලඟට ගත්තා.
ඌට දැන් සිහියක් නෑ මොකද්ද වෙන්නෙ කියලා දැනගන්න තරම් කොහොමත්.
ඉතින් අවුලක් නෑ.

"ම්...හ්!"

මං ඇඟිල්ල පාමුල තිබ්බ කුඩු ටික නහය දිගේ උඩටම ඇද්දා.
වාහ්!
දැන් තමයි ජීවත් වෙනවා කියලා දැනෙන්නෙ.
ලෝකෙම පට්ට ලස්සනක්නෙ තියෙන්නෙ. බිත්තිවලින් සුවඳ හමනවා, සින්දු වලින් පාට වෑහෙනවා. ගස් ගල් කතා කරනවා.
මං හිතුමතේ පියාඹනවා.
ම්...
මේකට තමයි දිව්‍ය ලෝකෙ යනවා කියලා කියන්නෙ.

"තෝ විදගන් නැද්ද කවියො?"

අරූ අසිහියෙන්ම කියවනවා.
ඌ විදගත්ත ඉන්ජෙක්ශන් කට්ට එතනම බිම වැටිලා.
මං ඒක පිහලා පුටුවක් උඩට දැම්මා.
නැත්තම් ඊලඟට ඕක හොයන්න cid එකෙන් ගෙන්නන්න වෙනවා.
ඒත් හිරේ යන්න බලාගෙන මිසක් ඒක කරන්න බෑනෙ.
ඒ කියන්නෙ ඉතින් කම්මැලි නැති එකෙක් ෆාමසියට ගිහින් කට්ටක් ගේනකල් අපි හැමෝටම වේලි වේලි බලං ඉන්න වෙනවා.

"ම්හු!
නෑ..
දැනට මේක ඇති.
විල්සන් අයියගෙ වැඩක් තියෙනවා කිව්වා.
ඒක කරලා රෑ වෙලා එන්නම්!"

ජිනාට කියාගෙනම මං එලියට බැස්සා.
ඕවා ගානට අරගන්න ඕනෙ. වැඩිපුර ගත්තොත් වැඩක් කරන්න යන්න බෑ.
පස්සෙ හිතේ හැටියට ගහන්න බැරියැ වැඩ ඉවර වෙලා.

දැන් යන්න ඕනෙ විල්සන්කාරයා කිව්ව එකා හොයාගෙන. ඒකට දෙකක් දීලා සල්ලි ටික ගන්නෝන.
විල්සන් අයියා හිත හොඳ මිනිහා නිසා මටත් සෑහෙන ගානක් ලැබෙයි. ඒවයින් ඉතින් තවත් අලුත් අලුත් ජාති ටිකක් ගෙන්නගෙන ගහන්න තමයි තියෙන්නෙ!

ම්...හ්!
මේ තරම් සතුටක් මට කවදාවත්ම දැනිලා තියෙනවද?
මොකා කොහොම කුඩු ගහන්න හොඳ නෑ කිව්වත් උන් දන්නවද මේකෙ තියෙන රස!
ජීවිතේට මෙව්වා කටේ තියාගන්න නොලැබෙන එව්වො ගැනයි මට දුක.
කොච්චර ලස්සන ලෝකයක්ද උන්ට මගෑරෙන්නෙ.

හැබැයි ඉතින් එකාතකට උන්ට මගෑරෙන එව්වා ගැන මට පාංද?
ලෝකෙ ඉන්න අනිත් කාලකණ්ණි ඕනෙ එකක් කරගත්තාවෙ. මට අදාල මගේ වැඩ විතරයි!

මානස (Completed)Where stories live. Discover now