29

617 126 265
                                    

මං උඩට ගිහින් බලද්දි අයියගෙ කාමරේ බෑග් දෙකක ඇඳුම් දහයක් විතර පුරවලා තිබුනා.
කොළඹින් ගත්ත ඇඳුම්!
පව් අනේ මෙයා!
මාලෙත් එහෙන් ගන්න ඇත්තෙ!
ඒ කියන්නෙ මාත් එක්ක යාළුවෙන්න බලාගෙන තමයි එදා එන්න ඇත්තෙ.
කොහෙද ඉතින් මටත් පිස්සුනෙ.
ගෙදර ඇවිල්ලනෙ බොන්න බැරි නම් නාන්න හරි යන්න තිබුනෙ!

මගේ වැඩ නිසා ඇඬුවද දන්නෙත් නෑ චූටි පැටියා!
දැන් ඉතින් කරන්න දෙයක් නෑනෙ happy pill!
මීට පස්සෙ කවදාවත්ම අඬන්න නොදී මං ඔයාව බලාගන්නම්කො!

අයියගෙ කබඩ් එක ඇරලා මං එයාගෙ ඇඳුම් ටික දිහා බලාගෙන ගියා.
ම්.....
එයාට තියෙනවා ලස්සන තද නිල් පාට ටීශර්ට් එකක්!
එතකොට මටත් තියෙනවා ඒ වගේම ලා නිල් පාට එකක්!
ඊලඟට එයාට සුදු! මට ඒ වගේම රතු!
එයාට කළු! මට ඒකෙම සුදු!

අනේ මගේ හොර ගෙඩියා!
match වෙන්නනෙ ඉතින් ගෙනල්ලා තියෙන්නෙ මේ ඇඳුම් සේරම!

එයාගෙ ඇඳුමකුයි, මගේ ඇඳුමකුයි දෙකක්ම තෝරලා ඇඳ උඩ තියලා මං bathroom එකට ගිහින් නාගත්තා. සුවඳට යන්න ඕනෙනෙ ඉතින්!

ඊටපස්සෙ ඇඳුමුත් ඇඳගෙන ඇඳ උඩ හාන්සි වෙලා ඇස් දෙක පියාගත්තා.
පුදුම සනීපයි!
ඇත්තටම නම් ඉතින් දැන් මට කොහේවත් යන්න ඕනෙත් නෑ. අයියට තුරුල් වෙලා මෙතන නිදාගන්න තිබුනත් ඒ හොඳටම ඇති.

"Snowdrop!
Wake up sweetheart!"

ඔන්න ටිකකින් අයියා සනීපෙට මගේ ඔළුව අතගාන ගමන් කන ලඟට වෙලා රහස් කියනවා.
ඉතින් මට කිචි!
ඒ වුනාට හිනා ගියොත් සේරම ඉවරයි.
මොකද  මගේ ප්ලෑන් එක ගානට ක්‍රියාත්මක කරගන්න ඕනෙ.

මං දත් මිටි කාගෙනම කොහොම හරි හිනාව කාගත්තා.
නින්දෙන් වගේ චුට්ටක් කෙඳිරිත් ගෑවා.
ඊට පස්සෙ අයියව බදාගෙන එයාවත් ඇඳ උඩට පෙරලගත්තා. එයාට හොඳට තුරුල් වෙලා කකුලකුත් ඇඟට උඩින් දාගෙන බෙල්ල අස්සට මූණ ඔබාගත්තා.
මේවා මේ හිතලා කරන වැඩ නෙමෙයිනෙ.
හීනෙන් ඉබේ වෙන්නෙ.

"Oh my Happy pill!
I love you so much!"

නිදිමත කටහඬකින් හීනෙන් වගේ කියෙව්වා. දැන් හරි.
අයියව තවත් ටිකක් ගුලි කරගෙන මං ලොකූ... දිග..... හුස්මක් අරන්,
කටින් පොඩ්ඩක් ඥම් ඥම් සද්දෙකුත් දාලා බෙල්ලට කිස් එකකුත් දුන්නා.

මානස (Completed)Where stories live. Discover now