41

456 97 118
                                    

අයියා මේ සැරේ ඇත්තටම ගිහින්!!

'I'm on my way Snowdrop!
Will call you at the airport!'

ඒ තමයි මුලින්ම ආපු msg එක.
ඊට පස්සෙ පැය ගානක් ගිහින් තමයි එයා කෝල් කලේ.
ඒත් ඒ වෙද්දි මට හුස්ම ගන්නවත් බෑ.
කවදා කොහේ හැංගිලා තිබ්බ කඳුළුද මං දන්නෑ. මගේ මූණ පුරාම ගලාගෙන යනවා.

නහය හිර වෙලා.
ඔළුව තද වෙලා.
මේක මහා වදයක්!
ඇයි මං අඬන්නෙ?
මං කෙල්ලෙක් නෙමෙයි.
මට මේක දරාගන්න පුළුවන්.
අයියා ආයෙම එනවනෙ.
අනික එයා මට වෙනදා වගේම කතා කරනවත් කිව්වනෙ.
මේක තාවකාලික ඈත් වීමක් විතරයි!
ඉතින් ඇයි මං අඬන්නෙ?

අඬන්න එපා තඹරු!
අයියා කිව්වනෙ එයා හැමවෙලාවෙම ඔයා ලඟ ඉන්නවා කියලා.
ඉතින් පේන්න හිටියෙ නැති වුනත් එයා ඉන්නවා.
ඔයා ඔහොම ඉන්නවා දැක්කොත් එයාටත් ගොඩක් දුක හිතෙයි.

තනියෙන්ම කියව කියව කොච්චර හිත හදාගන්න හැදුවත් එතකොට හිත රිදෙනවා තවත් වැඩියි.
අයියා වගේ වෙන කවුද මට මේ ලෝකෙ ඉන්නෙ?
තඹරු කියන කිසිම වැදගැම්මකට නැති, කිසිම කෙනෙකුට පෙන්නන්නත් බැරි මනුස්සයා ලෝකෙ ඉස්සරහා මේ තරමට හරි ලස්සනට ඉන්නෙ අයියා නිසාම විතරයි.

ඉස්සර හිටපු කොල්ලා එහෙම්මම ලොකු වුනා නම් සමහරවිට මේ වෙද්දි මං හැමදේම දමලා ගහලා ගෙදරින් පැනලා ගිහින් තියෙන්න ලොකුම ලොකු ඉඩක් තිබුනා.
එහෙම ගිහින් පාතාලෙ මැරයෙක් වෙලා ඉඳීද,
ඉබාගාතෙ යන රස්තියාදුකාරයෙක් වෙලා ඉඳීද,
අවයව ජාවරම් කාරයෙකුටවත් අහුවෙලා මැරිලා ඉඳීද,
කවුද දන්නෙ?

අයියා තමයි ලස්සනට මගේ ජීවිතේ පාට කලේ. පාට කරගන්න හැටි මටත් කියලා දුන්නෙ.

ඒ වුනාට අයියෙ ඔයාට ටිකෙන් ටික මාව අමතක වෙලා ගියොත් මං මොකද කරන්නෙ?
අඩුම ගානෙ පාරෙ යන බඩු ලොරියක හරි නැගලා ඔයාව හොයාගෙන එන්න පුළුවන් තැනක හරි හිටියා නම්?!

"Snowdrop,
පැටියෝ...
It's ok to cry.
But everything's gonna be ok.
We just need a few days and we'll adapt.
මොකුත්ම වෙනස් වෙන්නෙ නෑ පැටියො.
අපි තව අඩියක් ඉස්සරහට තිබ්බා විතරයි.
ඇත්තටම නම් අපි සතුටු වෙන්න ඕනෙ නේද?
Now we can walk faster towards our dream.
A dream of a perfect future."

මානස (Completed)Where stories live. Discover now