40

508 106 106
                                    

"Ayye!
Are you drunk again?"

ඇස් දෙක ඇරගන්න හෙන ගේමක් දෙන ගමන් මං ඇහුවෙ.
ඇයි යකෝ දැන් එකත් පහු වෙනකල්ම නලවලා හුරතල් කරලා ආපු චූටියා පැය තුනක් යන්නත් කලින් ගේ අස්සටම කඩා පාත් වෙලා ලතෝනි දෙන්න ගන්නවා කියන්නෙ විශ්වාස කරන්න පුළුවන් දෙයක්ද?

මගේම powers මටම දරාගන්න බැරුව දැන් මනෝ විකාර පේන්න අරගෙනද දන්නෙත් නෑ. නැත්තම් සමහරවිට තෙවැනි ඇසක් වගේ එකක් ඇරීගෙන එනවා වෙන්නත් පුළුවන්!
කෝකටත් මං නලලත් අතගාලා බැලුවා. එහෙම විශේෂයක් නම් දැනෙන්නෙ නෑ හැබැයි.

"I don't know patiyo!
Maybe I'm drunk with love!"

හත් දෙයියනේ ඉතින් අපේ අයියටත් ගිය කලක්.
ඉස්සර උණ බම්බුවක් ගිලලා වගේ කෙලින් ඉස්සරහ බලාගෙනම ගිය මනුස්සයාමද මේ?

"Wow!
Happy Pill!
You've become a poet!!!
We need to celebrate this!
Come! come!
Let me praise you with a kiss on your heavenly lips!"

"If we kiss now,
It means we are sealing the promise.
The promise to remain eachother's forever no matter what!"

අඩේහ්!
මේ හඳ මෝරන කාලෙද?
මගේ පිස්සුව තද වෙලාද?
බැලින්නම් අර වශී ගුරුකම් කරන හාදයාට වඩා සිරා පොරක්නෙ මේ තඹරුවා!
මානසික බලයෙන් විතරක් චූටියව දාගත්තා කිව්වම!
ලේසි නෑ!

මාත් එක්කො දාගන්න ඕනෙ දේවාලයක්!
චූටියා කියන ඉගෙන ගැනිල්ලට වඩා සෑහෙන්න හම්බ කරගන්න පුළුවන් වෙයි ඒකෙන් නම් ලේසියෙන්ම. අනික ඉතින් උපන් හැකියාවෙන් කරන වැඩක්නෙ.
එතකොට කාටවත් අතපාන්න ඕනෙත් නෑ.

වශී ගුරුකම්, ප්‍රේත මනාලියන්, දිව්‍ය මනාලයන් ඇතුලු ආදර සබඳතා පිළිබඳ සියළු කටයුතු සිදු කරනු ලැබේ කියලා බෝඩ් එකක් ගහලා එකෙක්ගෙන් පන්දාහ ගානෙ ගත්තා නම් හරි.
දහ දෙනෙක් ආපු ගමන් මගෙ මෝඩ පැටියට watch එකක් අරන් දෙන්න පුළුවන්!
අනේ ඉතින් මේ වගේ මැලේ මොටි වෙස්සන්තරයෙක්ට හම්බ කරන්න ලේසි වෙන එකක් නම් නෑ හැබැයි මට!

"Thambaru!
I'm sorry.
I'll be going now.
Sleep well!
Good bye!"

හෑ!!
මෙන්න බොලේ ප්‍රේමනීය හුටපටේ ඉවර කරගෙන responsible adult ඇවිල්ලා නේද ඒ ටිකට? ඒකත් හොඳයි.
මට තරහා තියෙන්නෙ ඔන්න ඔය හාදයත් එක්ක තමයි.
ඉන්නවකො මං ඕකව එලවලා චූටියව ගෙන්න ගන්න ආයෙමත්.

මානස (Completed)Where stories live. Discover now