ep 5

1.3K 242 34
                                    

මගේ හිතත් චපල ගෑනියෙක් වගේ

වෙලාවෙන් වෙලවට මහ පුදුම විදියට වෙනස් වෙනවනෙ

උදේම ගැම්මට කැම්පස් එකට ආවා...ශුද්ධ වන්දනාවක යනව වගේ

ඊටපස්සෙ මේක එපා උනා අපායක් වගේ දැනිලා

දැන් ආයෙමත් මට කැම්පස් එකේ ඉන්න ඕනෙ

ඒ විතරක් නෙමෙයි ...පුලුවන්තරම් ඉක්ම්මනට රැග් වෙන්න යන්නත් ඕනි

ඔරියන්ටේශන් එකේදි ලෙක්චර්ස්ලා අපිට ඉස්සරහට කරන්න් තියෙන විශයන් ඒවයෙ අඩන්ගු වෙන කරුනු ගැන මහන්දේශනාවක් තියෙනව

මගෙ හිතේ උගන්වන දේවල් ගැන පොඩිම උනන්දුවක්වත් තිබුනෙ නෑ

හිත අද උදේ උන සිද්දි දාමය වටේම ආයෙ ආයෙ කැරකෙනවා

ඒ අභීත ඇස්

පෞර්ෂවත් කටහඩ

උස මහත ශරීරෙ....

හිත කීරිගැස්සෙනව

ඒ නමක් ගමක් නොදන්න...අපූරු කොල්ල වගේ වෙන්න මටත් ඕනි

දැකපු දේවල් වලින් එහාට ගිහින් මගෙ පරිකල්පන සිතත් අවදිවෙලා

ඉස්සරහට මෙහෙම මෙහෙම වෙයි කියලා අපූරු චිත්තරූප මවනවා චිත්‍රපටි වගේ

කැත සින්නො මාව වටකරන් රැග් කරද්දි

සින්හය වගේ ලස්ස්න අයියා ඇවිත් වටේම උන්ට ගහලා මාව බේරගනීවි

එයාගෙ ලස්ස්න අක් බබරු කොන්ඩෙ හොලවලා මම දිහා ලස්නට හිනාවෙලා බලාවි

පස්සෙ මාව එයාගෙ බයික්කෙ තියාගෙන ගොහින් බෝඩිමට ඇරලවාවී

" ඕයී...ලියන්නෙ නැද්ද...." 

ම්ගෙ හීන පෙලට කෙලවන්න පවනයා මට පෑනෙන් ඇන්න..ඒවෙලාවෙබ්මම ආයෙ පියවිලෝකෙට වැටුනා

මේ වාරෙට තියෙන විශයන් ඒවට වෙන්කරපු කාලය ටයිම් ටේබල් එක ලෙක්චර් කාරය හයියෙන් කියවනවා

මැලෝ චාරයක් නැතුව පෑන අරගෙන මම කුරුටුබලියක් හාෆ් ශීට් එක පුරා ඇදගෙන ඇදගෙන ගියා ලියන බව පෙන්වන්න

මට මේ ලෙක්චර් එක එපාවෙන්න එකම හේතුව මනෝපාරක් ගහගෙන හිටපු එකම නෙමෙයි

case කේස්Where stories live. Discover now