ep 40

1K 160 4
                                    

Ep 40

හැල හැප්පීම් බහුල උන පලවෙනි වසරෙන් පස්සෙ මගෙයි ශිරාන්ගෙයි සම්බන්දෙ ගොඩක් දුරට සාමකාමී උනා

කැම්පස් එකේ නෝමල් කපල් එකක් ඉන්නව වගේම අපි දෙන්න එකට හිටියා

දෙන්නට පෞද්ගලිකත්වය වැදගත් නිසා හොස්ටල් එකෙන් අයින් වෙලා දෙන්න එක්ක පොඩි ඇනක්ස් එකක් අරන් ඒකෙ පදින්චියට ගියා 

ඒක නිසා අපි දෙන්නම තව කාර්‍ය බහුල උනා

බඩු ගන්න මාකට් යන්න...ඇනක්ස් එක පිරිසිදුව තියාගන්න රෙදි හෝදන්න ඔයවගේ සාම්න්‍ය ගෙදරක තියෙන වැඩ අපි දෙන්නට තිබුබා

ලෙක්චර්ස් ගියා එසයින්මට් කරා...කැම්පස් එකේ පොදු වැඩ කාරා

දෙන්නම් ජිම් ගියා ඩිබෙට් ටීම් වල වැඩත් දෙන්නම එකතුවෙලා කරා

ශිරාන්ට රසට උයන්න පුලුවන්...මම එයාට එලවලු කපලා පොල් ගාලා දෙනව දෙන්න එක්ක වල් පල් කිය කිය උයනවා

කැන්ටිමෙන් කනව වෙනුවට අපිම උයාගනිද්දි වැඩ වැඩී..ඒත් අපි ඒකට කැමති උනා 

අපේ අම්මගෙන් අහගෙන ෆෝන් එකෙන් අපි මාලු මස් පොලොස් වගේ අමාරු කෑමත් උයන්න ඉබන ගත්තා

ශිරාන් නිවාඩුවට එයාගෙ ගෙදර ගියේ නෑ

එයාගෙ අම්මයි තාත්තයි රට ගිහින් ලූ...ඒත් මොන රටේද එයාල ඉන්නෙ කියලනම් මම දන්නෙ නෑ...මට එයා කතා කරනව ඇහිලත් නෑ

ශිරාන් මම නොදන්න කෙනෙක්ට කියලා කතා කරේ එයාගෙ අම්මගෙ නන්ගිට..ශිරාන් කියුවෙ මම්මි කියලයි,..ගොඩක් වෙලාවට ඉන්ග්‍රීසියෙන් තමයි කතාකරේ

මම එයාගෙ මම්මි කතා කරනවට බයයි

ඒ ගෑනි කතා කරපු දාට ශිරාන් වෙනම්ම කෙනෙක් වෙනව...කල්පනා කරනව...තනියෙම උඩ බලන් ඉන්නව...සමහර දාට රහසෙ අඩනව...මම දැක්කම් කදුලු පිහිදගන්නව්...මගෙත් එක්කත් පොඩ්ඩක් ඇත්තම් තරහගන්නව ඒ ගෑනි කතා කල දාට

දවසින් දෙකෙන් එයා ආයෙම පරන හිටපු ආදර වන්තයම වෙනව

එයාගෙ පවුල් පසුබිම මට අභිරහසක් උනත් මම ඒක ගැන හොයන්න ගියේ නෑ හාරාවුස්සලා

case කේස්Where stories live. Discover now