ep 11

1.1K 210 4
                                    

මොන දේ උනත් මම ටවුමෙ පොදු වැසිකිලියෙන් මූන කට හෝදගෙන හරියටම වෙලවට සුපර්මාර්කට් එකට ගියා

"ඕයි මොකද උනේ....උබෙ මූනම තඩිස්සිවෙලා....තොලත් පැලිලා නේ"

මාව දැක්ක ගමන් ජෙමා ඇහුවා

"ඊයෙ රෑ යද්දි හෙලෙත්තාඩු කොන්ක්‍රිට් ස්ලැබ් එකකට කකුල තියලා ලිස්ස්ල ගියා බන් කානු ගැට්ටෙ හොම්බම ඇනුනා"

මම් ඇගට පතට නොදැනි බොරුවක් කියුවා

ජෙමා එක්ක වැඩිය කතා කරන්න උනේ නැත්තෙ ඉ ස්මයන්න වැඩ 

අපිව ඉක්මනින්ම වැඩ වලට යොදවන්න මැනේජර් උත්සුක උනා

එක දිගට පැය කීපයක් වැඩ කරලා උරිස් දෙකත් රිදෙනව

මම ලගින් අපායෙ ඉදල එන යමපල්ලන් ලගින් එනව වගේ මහා කුනු මාලු කුනු මස් ගදක් එනවා 

"පුතේ අලු ගෝසුව එන්න කලින් ....මේ මස් ටික ෆ්‍රීසර් එකට දාලා....තව සුද්ද කරන්න තියෙන ඒව ටිකක් අරන් එනවද...අද මට බර උස්සන් යන්න බෑනෙ ...කොන්ද ඇමැට්ටිවෙලා""

විල්සන් සීය මගෙන් උදවුවක් ඉ ල්ලපු නිසා නොකරත් බෑ 

ඒත් මම කස්ටමර්ස්ලා ඉන්න බඩු තියෙන හරියට යන්න කැමතිත් නෑ

අදුනන කවුරු හරි දැක්කොත්

ඕව ඇලඩියට හරි ශිරාන්ට හරි කියුවොත් මට උන්ට මූන දෙන්න බැ

අපරාදෙ හෙට කථික තරගෙ ....කොයිතරම් සතුටෙන් ඉන්න තිබ්බ දවසක්ද

හෙටත් මේ ජරාගොඩේම කුනුමස් කප කපා ඉන්න වෙනවනෙ

මම ගදගහන මස් වලට ලොකු සුසුමක් පිටකරලා මස් බේසම උස්සගෙන ෆ්‍රීසර් ඒරිය එකට ගියා 

ඒ වෙලාවෙ මම දැක්කෙ ... බිස්කට් තියෙන හරියෙ හෙන කලබලයක්

මිනිස්සුයි වැඩ කරන අයයි වට වෙලා 

කලබලේ මොකද්ද බලන්න මම ලන් වෙද්දි මගෙ ඉහමොල රත් උනා 

"ඇත්ත කියපන් ජෙමා ...මම නරක මිනිහා කියන්න එපා....පීකරේට මොකද උනේ ...කොහෙද ඌ ගියේ"

"අනේ අයියෙ මම දන්නෙ නෑ....මම දන්නෙ නෑ කිසි දෙයක්"

"උබ දන්නෙ නැත්තෙ කොහොමද....උබ එක්ක පීකරේ මේ සුපර්මාර්කට් එක ඉස්සරහ ඉන්නව ..උදේ බස් එකේ ලෙක්චර්ස් එන අපේ උන් කීපදෙනෙක්ම දැකලා තියෙනව"

case කේස්Where stories live. Discover now