ep 35

856 155 1
                                    

Ep 35

"ඇයි බන් වහලනම් දැන් ඕක අස්සෙ රින්ගන් ඉන්නෙ ගෙදර නෑවිත්"

"අපෝ බෑ අම්මෙ...කැම්පස් වැහුවට ඔන්ලයින් වැඩ"

"මොකා....හොර්හින් වැඩ...ඒ කියන්නෙ උබලට හොර හොරාට උගන්වනවා"

" අනෙ මෙ අම්මෙ හොරහින් නෙමේ...ඔන්...ලයින්....දැන් අම්මගෙ කන් ඇහෙන්නෙත් නැද්ද මන්දා

ඔන්ලයින් කියන්නෙ කම්පියුටර් වලින් උගන්වනව....මට ගෙදර ආවම කම්පියුටරුත් නෑ සිග්නලුත් නෑනෙ...ඒක නිසා මේ හොස්ටල් එකට වෙලා ඉන්නව"

"ම්ම්ම්...ඕකෙ ඉදන් බන් කන්නෙවත් කොහොමෙයි...ගෙදර ආවන් කොසුයි බතුයි හරි කටට රහට කනවනේ"

"නෑ අම්මෙ කැන්ටින් වහලා නෑ...අනෙක ගොඩක් ලමයි මෙහෙ ඉන්නව""

"අපෝඅර ටීවි එකේ අරගලේ නිතර පෙන්නනව ...උබලනම් යන්න එපා ඒ පැත්තෙ...ඕවට ගිය කොල්ලො කුරුට්ටො මහගොඩක් තුවාල වෙලාලු නේ..අත පය කඩාගෙන

ඕන් ඉතින් වගකීමක් නැති කමනෙ

ඔය ගානට අතපය උස්මහත් කරන්න ...මහ මිනිස්සු පොලොවෙ පස් කන්න ඇති....දැන් උන්ට ඒවයෙ අගයක් නෑ...ගහ මරාගන්න ගිහින් අබ්බගාත වෙන්න හදනව....ඔය කොල්ලෙක්ට බැරි වෙලා හරි නරක දෙයක් උනා ...ඇදක් උඩ ජීවිත කාලයක් හිටියත් ...අරගල කාරයො එනවද බලන්න...ඒ පවුලෙ මිනිස්සුනෙ අසරන වෙන්නෙ"

"ම්ම්ම් ඔවූ අම්මෙ...ඒවට යන මෝඩයොත් ඉන්නව...අපි ඕවට් නෑනෙ"

"මේ ...කෝ ශිරාන් පුතා...මම් දවස් කීපයක් දැක්කනේ...ශිරාන් පුතා වගේම ලමයෙක් ටීවී එකෙයි පත්තරෙයි"

" දැන් මට එයාව වැඩිය මුනගැහෙනෙ නෑ අම්මෙ....එයා ගෙදර ගිහින්...කොලබමනෙ ගෙවල් "

"මා එක්කත් පහුගිය දවස් වල නිතර කතා කරා ෆෝන් එකෙන්...මේ දවස් වල නම් කතා බහක් නෑ...ගෙදර වැඩ ඇති මයෙ හිතේ

මොනව උනත් ඒ කොල්ල ගැනත් හොයලා බලපන්

මට දැනෙන්නෙ අපේම ගෙදර එකෙක් වගේනෙ

ඔය වැඩ ඉවර උන ගමන් ගෙදර වරෙන්

මෙහෙත් මම පාලුවෙන් ඉන්නෙ "

අම්ම එක්ක කතා බහෙන් පස්සෙ මට ශිරාන් බලන්න යන්න තියෙන ආශාව දෙගුන තෙගුන උනා

case කේස්Where stories live. Discover now