ep 28

1K 158 8
                                    

Ep 28

මාසෙ ගෙවුනෙ දවසට දෙකට

ශිරානුයි අම්මයි එක්ක ගෙදර ඉදපු දවස් මගේ මතක පොත වර්ණවත් කරපු ලස්නම දවස්

මම ගෙදර දාල එන එක ගැනනම් අම්ම දුක් උනේ නෑ

මොකද මම ආයෙ අනිවා ගෙදර එන බව දන්නවනෙ

ඒත් ශිරාන් අපෙන් වෙන් වෙලා ආයෙ කැම්පස් එකට එන එක ගැන අම්ම ගොඩක් දුක් උනා එයගෙ ලොකු පුතා ගෙදරින් වෙන් වෙලා යනව වගේ

ඒ නිසා හැම දාම කෝල් දුන්නම

පුතේ කෝ අර කොල්ල හොදින් ඉන්නවද ...අම්ම අහපු පලවෙනි ප්‍රශ්නෙ

ශිරාන්ටත් අපේ අම්ම ගෙ ආදරේ හොදටම දැනිලා

එයලගෙ අම්මලා ඇති පදම් සල්ලි වියදම් කරාට ලමය වෙනුවෙන් අපෙ අම්මලා වගේ නහින්නෙ නෑ මයෙ හිතේ

අපේ ගෙදර හිටපු දව්ස් වල නිකමට ශිරාන්ගෙ ගෙදරින් ආයෙ කතා කරනව මට ඇහිලා නෑ 

අපි එන දාට කලින් දව්සෙ ලොකු ලොරියක් ගේ ඉස්සරහට ඇවිත් නැවැත්තුව අපි තුන් දෙනා පැනි ආප්ප කකා තේ බිබී ඉද්දි

ආපු වහනෙන් ටීවී එකයි ෆ්‍රිජ් එකයි බ්ලෙන්ඩරෙයි තව පෙට්ටි වගේකුයි බිමට බෑවා

වැරදි ඕඩරයක් වෙන්න ඇති ...මම ලොරියෙ ආව එකාට කියුවත්

උන් අපේ ලිපිනෙ...මගේ නම පෙන්නුවා

ඔක්කොටම සල්ලි ගෙවලා තියෙන්නෙ...එහම කියල උන් යන්න ගියා

මමයි අම්මයි මූනට මූන බලන් හිටියා

වාසනවක් උනත් නොදැන කඩා පාත් උනාම පුදුම හිතෙනවට වඩා බය හිතෙනවනේ

" අම්මෙ....මේ තෑගි අපේ ගෙදරින් එවලා තියෙන්නෙ"

ශිරාන් අපේ පුදුම සහගත මූනු බලන් කියුවා

"අයියෝ දරුවො මේ වා මොකටද

අපි තෑගි බලන් නෙමෙයිනෙ පුතාට සැලකුවෙ

කරපු දේකට ආපිට දෙයක් ගන්නකොට

මට ඒක ගනුදෙනුවක් වගේ දැනෙනව"

"නෑ අම්මෙ මේ..ගාස්තුවක් නෙමෙයි

මේ අපේ ගෙදර අයගෙ ආදරේ...."

case කේස්Where stories live. Discover now