ep 49

695 140 9
                                    

Ep 49

"" හනේ ඉතින් ..මූනට මූන බලන් ඉදලා වැඩක් තියෙයි...අපි තරුන ජෝඩුවට තනියෙන් ඩින්ගිත්තක් කතා කරන්න දෙමු""

සිරියා ආච්චි තවත් ඇනයක් මගෙ ඔලුවට ගැහුවා

දැන්නම් මම කුරුසෙටම ඇන ගැහිලා වගේ හිටියෙ

"හහාඅ...සිරියෝ අපි දන්න තරමනෙ ඔය...මේ දෙන්න පොඩි කාලෙ ඉදලම ලගින් ආස්සරේ කොරලා තියෙන්නෙ

මම මේ මගුල කතා කරේම අපේ දෝනි ඇන්දා ..මේ ලමය ඇරෙන්න වෙන කිසිම කෙනෙක් බදින්න බෑ කියලා පොලොවෙ හැපෙනවනෙ

අපිට කීයක් නම් අපූරු යෝජන ආවද්

සිරිලිය හාල් මෝලෙ අයිති කාරයගෙ පුතා මෙය දැකල වහ වැටීගෙන ගෙදරට ආව අහගෙන

හන්දියෙ පාලම හදපු ඉන්ජිනේරු මහත්තයගෙනුත් යෝජනාවක් ආව

දැන් කාලෙ ලමයි හරි මුරන්ඩුයිනේ කියුවොත් කියුවා

අපිත් ඉතින් මේ ලමය ගැන හොයලා බැලුව

හැම තැනින්ම හොදම විතරයි අහන්න ලැබුනේ

නඩුකාර උන්නාසෙ කෙනෙකුත් වෙනවනම් කොහොමත් අපිට නම්බුවක්නෙ නඩුකාර බෑනෙක් ඉන්න එක

මගෙත් මේ ඉඩම් නඩු ගොඩක් තියෙනව ඒව ටිකවත් අහලා බලලා දිනවල දෙයිනෙ අපේ බෑන පොඩ්ඩ""

මේ බරියා මාව බෑන කරගන්න හදන්නෙ උගෙ ඉඩම් නඩු ටික ගොඩ දාගන්නද

මට තවත් මල යකා නැග්ග

"අම්මේ...අපි නොදන්නවට...මේක පාසල් ප්‍රේමයක් නෙ

ඇස් වහක් කටවහක් නෑ යසට කැපෙන ජෝඩුව

කෝක වෙතත් දෙන්නට පොඩ්ඩිත්තක් කතා කොරන්නත් දෙමු"

සිරියා ආච්චිට මාර පුපේ අමාරුවක් තියෙන්නෙ 

මට මේකිත් එක්ක කතා කරන්න දෙයක් නෑ නාකිච්චියෙ

මට කෑගහල කියන්න හිතුනා 

"සරෝෂ් එන්නකො මගේ මල් පාත්ති පෙන්වන්න"

මම් කිසිම හැල හොල්මනක් නැතුව බිම බලන් මගෙ තරහ පාලනය කරගෙන ඉද්දි විහගි ඇවිත් මගෙ ලග වාඩි වෙන ගමන් කියුවා

case කේස්Where stories live. Discover now