ep 25

1K 175 10
                                    

Ep 25

"අනේ මන්දා මිනිස්සු මේ තරම් ලෝභ මොකද කියලා...."

අම්මා ඉහෙන් කනෙන් දාඩිය පෙරාගෙන අතේ තිබුන පාට ගිය ලේන්සුවෙන් පෙරෙන දාඩිය පිහිද පිහිද ගෙට ගොඩ උනේ ගොම්මන් වෙන්නත් කිට්ටුව

"ඇයී අම්මෙ මොකෝ උනේ"

"පහනක් හැට්ට ගන්න පොරොන්දු උන මිනිහා පනන් ටික අරන් ගියාම ඒක හතලිහට ඉ ල්ලනව....මේව අපි රජවෙන්න හිතාගෙන කරන ව්‍යපාර නෙවෙයිනෙ පුතේ...හතලිහට විකුනුවනම් මට පහන් අරන්ගිය ත්‍රීවීල් එකේ හයර් එක ගෙවා ගන්නත් සල්ලි මදි වෙනවා

ඒක නිසා මම තොගෙට විකුනුවෙ නෑ

පොලේ කොනක තියන් එක එක විකුනුවා..

.ඒකයි මේ වෙලා ගියේ...හවස් වෙනකන්ම විකුනන්න උනානෙ"

"අයියෝ...අම්ම කෑවෙත් නැද්ද?..."

"කොහෙ කෑමක්ද ලමයො...දවල් ඩබල් බනිස් එකක් අරන් කෑව...

ඉදා මෙන්න ඒකෙ අනිත් බනිස මේ පුතාටත් බාගයක් දීලා කාපන් ...මම තේ එකක් හදන්න්ම්"

අම්මගෙ කැහැටු නහර පෑදුනු අතින් දික්කරන බනිස් ගෙඩිය දැකලා ශිරාන්ගෙ ඇස් වලින් කදුලු වැටෙනව මට පෙනුනා

"ආන් මේ ....හරියටම බාගයක් කැඩුවා..."

අම්ම කුස්සියට යද්දි මම බනිස් ගෙඩියෙ බාගෙ ශිරාන්ට දික්කරා

"පවූ ඕයි...අම්ම කෙනෙක්ට මේ තරම් ආදරේ කරන්න පුලුවන්ද?"

"ආඅ...ඒක ගනන් ගන්න එපා...අපිට ඕව හොදට පුරුදුයි...හුගක් දවසට ඔහොම වෙනව

අද වාසනාවන්තයි...ගෙනිහිපු පහන් බිදිලත් නෑ...ඔක්කොම විකුනගෙනනේ

සමහර දාට වීල් එක වලවල් වල වැටිලා හරි...පොලේ යන මිනිස්සු පාගලා හරි පහන් වැඩි හරියක් බිදිලා යනව

එහෙම උනදාට අපිට ආයෙ තීන්ත අනෙක් අඩුම කුඩුම ගන්න ණය ගන්නත් වෙනවා

ඒව ගෙවාගන්න බැරි උනාම නොකා නොබී ඉන්නත් වෙනවා

ජීවිතේ ලේසි නෑ දුක තමයි"

ශිරාන් කතා නොකර මගෙ දිහා බලාගෙන හිටියා එයාගෙ ඇස් වලට අලුත් කදුලු උනල තිබුනා

case කේස්Where stories live. Discover now