ep 23

1K 174 6
                                    

Ep 23

සටන සාර්තකයි

වීසී  (VC) ගැලවිලා විසි උනා

ඒත් රජය සිදු උන දේ ගැන බය උනා

මේක නරක පූර්වාශර්ශයක් විදියට අනෙක් කැම්පස් වලටත් පැතිරේවි 

එහෙම උනොය්හ් හැම තැනම උද්ගෝසන පැනනගීවි

කෙටි කාලීන විසදුමක් විදියට ලන්කාව පුරා විශ්ව විද්‍යල ඔක්කොටම 

මාසෙක නිවාඩුවක් ප්‍රකාශ කර

වෙනදනම් නිවාඩුවක් ලියන්නෙ උඩ පැනලා නටන්න හිතෙන ප්‍රවෘතියක්

ආයෙ ඉස්කෝලෙ ගිහින් විවාද කන්ඩායම පුරුදු කරන්න පුලුවන්

ස්වේච්චා ගුරු විදියට උගන්වන්නත් පුලුවන්

දේශපාලන විද්‍යව සර්ගෙ ප්‍රයිවට් ක්ලාස් එකේ පේපර් බලලා ගානක් හොයාගන්න පුලුවන්

අම්මගෙ මැටි වැඩවලට උදවු වෙන්නත් පුලුවන්

අපේ අම්ම කරේ මැටි වලින් විසිතුරු භාන්ඩ හදලා අම්පාරෙ කඩවල් වලට දාපු එක

ඒවා අම්පාරෙන් කොලබ ලොකු කඩවල් වලට

මීගමුවෙ ටුවරිස්ලා බඩු ගන්න කඩවලට මාරුවෙනව

ඒ කඩ වලදි ලොකු ගනන් වලට විකිනුනාට අපිට ලැබුනෙ සොච්චම් මුදලක්

අම්මට උදවු වෙනවට අමතරව

දහම්පාසලේ උගන්වන්න...භක්තිගීත කන්ඩායමේ පුහුනු කිරීම් බලන්න යන්න පුලුවන්

මට ගමේ යාලුවො ගොඩක් හිටියෙ නෑ

වොශේශයෙ ක්‍රීඩා සම්බන්ද විසේකාර යාලුවොනම් හිටියෙම නෑ 

වැඩි හරියක් ඉගනීමට කතික නිවේදන වලට සම්බන්ද අය තමයි

මම ආශ්‍රය කලේ 

මේ සැරේ කැම්පස් වහනව කියන නිවේදනේ නම් මට මහ තිත්ත තොරතුරක් උනා

එයා එක්ක සම්බන්දෙ පටන් ගත්තා විතරනෙ

දාල යන්න දුකයි

එක දවසක් නොදැක ඉන්නෙ කොහොමද කියන එක හිතාගන්නත් බෑ 

"දනවද කැම්පස් වහනවලු""

case කේස්Where stories live. Discover now