ep 52

735 139 5
                                    

Ep 52

අම්ම බලෙන් අන්දපු කලිසම හම ගිහිපු බෙල්ට් එක දාල තද කරාම රැලි තියපු සාය වගේ උනා

ඒතරම් මම කෙට්ටු වෙලා තිබුන හැම කලිසමම අගල් කීපයක් ලිහිල් 

අලුතෙන් කලිසම් ගන්න යන්න විදියකුත් නෑ සල්ලිත් නෑ

අම්ම පොලේ ගිය ගමන් පොලේ කඩේකින් ගෙනාපු සකල බුජන් කලිසම් වල මම වහේ දෙකක් බස්සතැහැකි වෙන වෙනම..ඒ අස්සෙ ඒව දිලිසෙන නිල්පාටයි කොලපාට පීත්ත පටිත් තියෙනව බලන්න කැතයි

පොඩි කාලෙත් ඔහොමයි අම්ම එයාට ලස්ස්නයි කියලා ගේන් ඇදුමැන්දම මම ඔරන් ඔටන් පැටියෙක් වගේ

පන්සලේ මල්ලිලා දෙන්නෙක් මාව පරිස්ස්මට උස්ස්ගෙන ඇවිත් වීල් එකට පැටෙවුවා

කාලෙකට පස්සෙයි එලියට බැස්සෙ

එලියෙ ඉ ර හරිම තදයි මට කිසි දෙයක් දිහා කෙලි බලන්න බැරි තරම්ම ඒව දිලිසෙනව 

පන්සලට ගිහින් බන මඩුවෙ බැලුවම බන මඩුව මැද පුලුන් කොට්ට පුරවපු දිග ඇදෙන පුටුවක් තියලා

කකුල් දෙක තියාගන්න මිටිබන්කුවයි

එතැනම පොඩි මේසෙක දානෙට හම්බෞන කැවිලි පලතුරු කිරි යෝගට් ගොඩක් තියලා

අම්ම හැමදාම උයන කරවල හොදී වට්ටක්කයි කක්කුන් මෑ කාපු මට නිකම්ම කටටත් කෙල ඉනුවා

ඒත් වැඩිය කන්න බෑ...කෑවොත් අම්මටමයි කරදර හෙට හෝදද්දි

අපේ අම්ම එන්න කලින් මාව උදට නාවල පොඩි කාලෙ වගේ පවුඩරුත් දාල ඕඩිකොලොනුත් දාල එවුවෙ

ඇදේම දවසෙම දිගාවෙලා ඉද්දි ඇද තුවාල එනව කියල අම්ම නිතරම මට පවුඩර් දානව...

මුලදි මම අවුලෙන් හිටියත් දහම්පාසලේ උගන්වන අයියල අක්කල නැදල මාමාල ඔක්කොම ඇවිත් හරිම හොදට කතා කරා

ලොකු හාමුදුරුවො එයාලට කලින්ම කියල වෙන්න ඇති අනතුර ගැන අහන්න එපා ඩිග්‍රිය කැම්පස් ගැන අහන්න එපා කියල

ඒක නිසා හැමෝම ඇවිත්නෙදිනෙදා විස්තර ඉස්සර උන රසවත් සිද්දි ගැන කතා කරපු නිසා මට එයාල එක්ක හැසිරෙන්න පහසු උනාම්

case කේස්Where stories live. Discover now