ep 67

798 131 1
                                    

Ep 67

"ඉක්මන් කරනවලා ...දුවනවා...දුවනවා"

අපි දිහාට දුවගෙන එන කලු ඇදන් එන මිනිස්සු දිහා බලාගෙන ශිරාන් කෑගැහුවා

එයා ඇමරිකන් ස්පෙශල් ෆෝස් ඒජන්ට් කෙනෙක් වගේ පිස්ටල් එක දික්කරන් අපිව ගාඩ් කරා

කියන්න ලැජ්ජයි ඒවගේ හදිසි අවස්තවක මමයි පවනයි දෙන්නම හිටියෙ එකම බෝට්ටුවෙ බයෙන් ගල් ගැහිලා

මේ වෙලාවෙ ස්නායු හොදට වැඩ කරපු පැන්චි අපි දෙන්නව ඇදගෙන දිවුවෙ

සියබල ආන්ඩුවට කිට්ටු ගල් ඔය රක්ශිතේ පරිවාර වනාන්තරයක්ට ඇතුකෙ අපි දුවමින් හිටියෙ නිවර්තන අර්ධශුශ්ක ලක්ශන තිබුන කැලෑවෙ පලල් පත්‍ර තියෙන උස ගස් වගේම උල් කටු තියෙන පදුරුත් තිබුන

පාර දිගට දුවන්නෙ නැතුව කැලේ මැදින් දුවපු එක හොද තීරනයක්ද නැද්ද කියනනෙක මට ඒවෙලාවෙ හරියටම වටහගන්න බැරි උනා

අපි පැන්චිගෙ පස්සෙන් හති ඇර ඇර දිවුවා

සාපේක්ශව පැන්චි වේගෙන් දුවනව...ඒත් අපි නිසා එයාගෙ වේගෙ අඩාල වෙලා

ශිරාන් තරමට නැතත ජිම් ගිහින් ගල් බොඩි හදාගත්තු ශිරාන්ට වඩා මිටි මිනිස්සු තුන්දෙනෙක් අපේ පස්සේ එලවනවා

ශිරාන් ලගට වෙඩි තියන්න වගේ ආපු කෙට්ටු හාදයට ශිරාන් වෙඩි තිබ්බ 

කකුලට ටිකක් උඩට

උන්ඩෙ වැදුන තැනින් පයිපෙන් ව්තුර විදිනව වගේ විද්දා 

මිටි මින්හෙක් තියපු උන්ඩයක් ශිරාන්ගෙ කන ගාවින් යද්දි එයා ඉනෙන් නැවිලා ඒකෙන් බේරිලා රවුමක් කැරකිලා ඉ ලක්කෙ බලලා මිටි මිනිහගෙ පපුවට කිට්ටුව අතේ මුල හරියට වෙඩි තිබ්බා 

ඒ වෙද්දි අපි කැලේ ඇතුලෙ අතුරු දහන් වෙලා හිටියෙ

පැන්චි අපි දෙන්න එක්ක ලොකු තේක්කගහක් පිටිපස්සෙ හැන්ගිලා හති ඇර ඇර හිටියෙ

"උන්..උන්...උන් අපිව හොයා ගනීද?"

පවන් වෙවූලන කටහඩකින් ඇහුවා

"ස්ස්ස්ස්...සද්දකරොත් ඒක වෙයී" පැන්චී කොදුරන ලීලාවෙන් කියුවා

case කේස්Where stories live. Discover now