ep 17

1.2K 190 10
                                    

රාත්‍රිය

වැස්ස

සීතලේ ගැහෙන තරුන සිරුරු

ආලයෙන් මත් උන හදවත්

වරදේ බැදෙන්නට පොලබවනවා

ඒත් ඒක වරදක්ද නැද්ද යන්න විනිශ්චය කරන

විනිසිරුවා කවුරුන්ද

තරුන නීති ශිෂ්‍යන් දෙන්නෙක්

රටේ පවතින සම්මත නීතියෙන් එහාට ගිහින්

ආදරය කරන එක

අසම්මතයද?

ලියන මොහොතෙදි ඔය ප්‍රශන හිත ඇතුලෙ කැරකුනත් එදා රැ ආදරෙන් ඔකද උන හිතටනම් එ ප්‍රශන් තවදුරටත් වලන්ගු උනේ නෑ

හෙන ගහන මහ වැස්සෙ වතුරෙ ගිලුන ගානට තෙමිලා හිටපු අපි හොස්ටල් පේන මානයට ලන් උනා

"මම බැහැලා පයින් යන්නම්...ඔයා බයික්කෙන් පරිස්මට යන්න වේගෙන් යන්න එපා"

" පිස්සු කියන්න එපා...මම ඔයාව හොස්ටල් එකට දාන්නම්...තෙමි තෙමී යන්න බැනෙ කලුවරේ"

" එපා කවුරුත් දැක්කොත්"

"කවුරු දකින්නද මේ...මහ රෑ...මහ වැස්සෙ...සිහිය තියෙන එකෙක් නම් අපි එනකන් රැකන් ඉන්නෙ නෑ...බය නැතුව ඉන්න"

ශිරාන්ගෙ පෙරැත්ත නිසාම මම හොස්ටල් එකලගටම ගෙනත් මාව ඩ්‍රොප් කර්ස්න්න එයාට ඉඩ දුන්න

විශාල හොස්ටල් එකේ මෙලෝ මනුස්සප්‍රානියෙක් නෑ

වැස්ස නිසා සිකියුරිටිලා මේ පැත්තට ඇවිත් නැතුව ඇති ලයිට් එකක්වත් දාලා නෑ 

"කළුවරයිනෙ ...එන්න මම රූම් එකට ඇරලවල එන්නම්...කරන්ට් එක නෑවගේ නෙ...ගහක් වැටිලා ඇති කරන්ට් වයර් උඩට වැස්ස නිසා"

ශිරාන් මාව රූ ම් එකට ඇරලවන්න සූදානම් උනා

අකැමැත්තෙන් එයට ඉඩ දුන්නෙ ඇත්තටම මම කලුවරට තනිකමට ටිකක් බබයි

විශේශයෙන් මේ හෙන ගහන වැස්සෙ

රූම් එකේ දොර ඇරුන ගමන් එයා මුකුත්ම නොකිය මාව බදා ගත්තා

අපේ ඇදුම් තෙත බරි වෙලා ඇගටම ඇලිලා අපි හිටියෙ හීතලේ ගැහි ගැහි

case කේස්Where stories live. Discover now