ep 34

883 147 6
                                    

Ep 34

සියුමැලි අතකින් මගේ කොන්ඩෙ හෙමින් පිරිමදින නිසා මට ඇහැ ඇරුනා

කදුලු ගෑස් නිසා තිබුන හුස්මගන්න අමාරු ඇස්වල දැවිල්ල තිබුනෙ නෑ

මගෙ කකුලෙන් ආපු ඉවසගන්න බැරි වේදනාවත් අඩුයි වගේ

ඒත් ඇගම තලල දාල වගේ දැනෙන තෙහෙට්ටු බවනම් ටිකක් තදේට දැනුනා පොඩි ඔලුව කැක්කුමකුත් එක්කම

"ම්ම්ම්ම්....කෝ ශිරාන්"

මගෙ මූනට එබීගෙන ඉන්න කාරුනික ඇස් වලින් මම ඇහුවෙ

මගෙ මතකයයට මුලින්ම ආපු කෙනා එයා නිසා

"දැන් ඔයාට කොහොමද"

මගේ ප්‍රශ්නෙට උත්තරයක් වෙනුවට තවත් ප්‍රශ්නයකින්ම ප්‍රතිචාර ලැබුනා

"මන්දා....හොදයි...මයෙ හිතේ ...ශිරාන් නැද්ද?"

මම අයෙ මගෙ ප්‍රශ්නෙම ඇහුවා

"අයියා...අයෙමත් ගෝල් ෆෙස් ගියා..අපේ අනෙක් අයට මොකද උනේ බලන්න....මට ඔයාව බලාගන්න කියුවා"

" ඇයි එයාට ආයෙ යන්න දුන්නෙ...එහේ කලබලනේ"

" අපි කියුවට නවතින්නෙ නෑනෙ...එයා කරන්නෙ එයාට ඕනෙ දේ"

"අනේ එයාට කෝල් එකක් දාලා එන්න කියමුද?"

"ෆෝන් වැඩ නෑ...සිග්නල් බ්ලොක් කරලා ...දුක් වෙන්න එපා ඒ හරියෙ දැන් කලබල ඉවරයි

අපේ අය ජනාධිපති ලේඛම් එක ලග එන්ට්‍රන්ස් එක අල්ලගෙන කදවුරක් බදිනවා"

"අපිට යන්න බැරිද එතැනට"

"පිස්සු නටන්නනම් හදන්න එපා සාෂා..ඔයාට සිහිය ආවම පොවන්න සුප් එකක් තියෙනව හොද ලමය වගේ ඒක බොන්න""

"මගෙ කකුල කැඩිලද?"

"නෑ එහෙමම නෑ...හොද වෙලාවට උල ඇනිලා තියෙන්නෙ කලව මාන්ශපේශියට...ඒකෙන් අස්තිවලට නහර වලට ඛන්ඩරා වලට හානියක් නෑ

මස් කොටස විතරක් හිල් උන නිසා ඉක්මනට හොද වෙයි"

"තෑන්ක්ස් ඔයාට"

"ඇයි ඒ..."

"".ඔයා මට අමාරුම වෙලාවෙ උදවු කරානෙ""

case කේස්Where stories live. Discover now