ep 73

688 132 1
                                    

Ep 73

"නිහඩ වෙනූ....නිහඩ වෙනූ...

ගරු මහේස්ත්‍රාත් තුමා උසාවියට ප්‍රවිශ්ඨ් දැන් වෙනව"

සුදු ඇදුමල් ඇදගෙන හිටපු තෝල්ක මුදලි කෑගහද්දි

දිග බන්කු පේලිවල වාඩිවෙලා ඉදපු වෙනත් නඩු වලට ආව පිරිස් 

මෙම නඩුව ට අදාල පාර්ශව හා නඩුව අහගෙන ඉන්න ආපු සාමාන්‍ය මිනිස්සු නීති ශිෂ්‍යයෝ නැගිටල විනිසුරු තුමාට ආචාර කරා

විනිසුරු තුමා වාඩිවෙන උස මේසෙ උස පුටුවට පහලින් දැවැනි පේලියෙ

නඩුවාර්තා යතුරු ලියනෙන් ටයිප් කරන ක්ලාක් ල වාඩිවෙලා හිටිය

ඒ පැත්තකින්ම තෝල්ක මුදලිලා අනෙක් අධිකරන නිලධාරීන් හිටියා

මහේස්ත්‍රාත් තුමාගෙ උස මේසෙට පහල දිග මේසෙ දෙපැත්තෙ තියපු පුටුවල කලු ලෝගු ඇදපු ලෝයර්ලා වාඩිවෙලා හිටියා

මම පැන්චි පවන් එක ලග වාඩිඋනේ

අනෙක් ලෝයර්සලාත් එයාලගෙ එක එක නඩුවලට අද දිනේ දාගත්තු ලෝයර්ලා තමයි හිටියෙ

දෙපැත්තෙ සාක්ශි කූඩු දෙකක් තිබුනා

ඒ දෙක ලග පොලිස් බටයො කීප දෙනෙක් හිටියෙතුවක්කුත් අතේ තියන් අධිකරනයෙ ආරක්ශාවට

බන්ධනාගාර නිලධාරීනුත් හිටියා අධිකරන ශාලාවට එහායින් ලොකු කූඩුවක රදවල ඉදපු සැකකාරයොයි අපරාධකාරයොයි අවශ්‍ය වෙලාවට සාක්කි කූඩවට ගේන්න ගෙනියන් ...ඒ අපරාධකාරයන්ට සැක කාරයන්ට පැනලා යන්න බැරි වෙන්න

විනිසුරු තුමා ලී මිටියෙන් එයාගෙ උස මේසෙට තට්ටු තුනක් දාල නිල වශයෙන් උසාවියෙ වැඩ ආරම්භවුන බවට හැගෙවුවා

තෝල්ක මුදලාලි නඩු එක එක කතා කරන්න උනා 

ගොඩක් නඩු අද අහන්නෙ නෑ එක්කො ලෝයර් නෑ නැත්තන් සාක්කිකාරයො නෑ

නඩු කල් තැබීම් නව දින ලබා දීම් තමයි මුල හරියෙ වැඩිපුරම උනේ 

අපේ නඩුවෙ නම කතා කරද්දි මම බයෙන් හීතල වෙලා ගියා

මොකද මේ මගේම කේස් එකක හියරින් යන පලවෙනි දවස 

case කේස්Where stories live. Discover now