Ep 63

752 135 2
                                    

Ep 63

මට සිහිය නෑ කොහොමද ගල් තලාව නැග්ගෙ කියලා

වෙන කවම දාටත් වඩා මට අපේ ගෙදරට යන පාර දුරයි වගෙ දැනුනා

සපත්තුවෙ අඩිය ගැලවිලා කකුල කිබුලා කට ඇරියා වගේ මතු උනා

ඒ හුචක්කුවත් දාගෙන දුවන්න බැරි නිසා සපත්තු දෙකම ගලවලා

රස්නෙ බැහැපු නැති පිච්චෙන ගල දිගේ උඩටම දිවුවා

ආව එකා මොකා උනත් වටේ පාරෙන් ඇවිත් පහල කාර් එක නවත්වලා ඇවිත් තිබ්බෙ

දෙවැට අයිනෙ නවත්තපු කාර් එක ලගදි මම පොඩ්ඩක් ගමන ස්ලෝ කරේ

කාර් එක ඇතුලෙ මොකෙක් හරි භූතයෙක් ඉන්නවද බලන්න

එතැන කවුරුත් නැති නිසා

මම අයෙ දිවුවෙ පපුව පලාගෙන එන හතිය අමාරුවෙන් පපුතුරේම හිරකරගෙන

ඒ සද්දෙත් පිටතට ඇහෙයි කියලා මට බයයි

හතිය හිරකරන් දුවන නිසා පිම්බුන පෙනහලු මිරිස් ගැවුනා වගේ රිදුනා

බඩේ පැත්තක කොරේකුත් හැදුන

හැබැයි මැරිලා වැටුනත් මම ගමන බාල කරේ නෑ

මොකද මට මගේ පනට වඩා මගේ අම්මව වටිනව

ගෙදරට යද්දි බාගෙට ගරා වැටුන ඉස්තෝප්පුවෙ වටින සපත්තු දෙකක් ගලවලා

මම කඩුල්ල ලග සිබගල ගස් කදට හේත්තුවෙලා හති අරින ගමන් කල්පනා කරේ මොකද්ද වැඩිය හොද ක්‍රමේ

එක පාරට කෑගහගෙන ඇතුලට යනවද

නැත්තන් හොරාට හැන්ගි හැන්ගි ගිහින් ආපු එකාගෙ ඔලුවට පොල්ලෙන් පතබානවද?

බල්ලෙක් උනත් ඌව එකපාර බය කරලා කලබල කලොත් නෙ කන්නෙ

නයත් එහෙමයි ඌ බය උනාම ජීවිතේ බේරගන්නයි දශ්ඨ්කරන්නෙ

ඒක නිසා මම ඇතුලෙ ඉන්න එකාව කලබල නොකර හැන්ගිලා බලන් ඉදල මට පිටුපාල ඉන්න වෙලාවට ඌට උගෙ ගිනි අවියක්වත් එලියට ගන්න නැතිවෙන්න තරමනට කෙලාබානවා

මම මිදුලෙ කොලයක් වත් නොපෑගෙන්න හොරා වගේ ගේ පිටිපස්සෙන් ගිහින් අම්මගෙ කාමරේ අබලන් ජනේලෙ අස්සෙන් එබිලා බැලුවා අම්ම හොදින් ඉන්නවද කියන එක දැනගන්න

case කේස්Where stories live. Discover now