ep54

729 145 4
                                    

Epi 54

"පවන් මට පුදුමයි බන් මේ සිද්දිය ගැන""

""ඔවූ ඒක අමුතු මිනී මෑරුමක් ....මිනීමරුව ලේසියෙන් මෑරුව කියන එක පිලිගන්නව....ඒත් අපි දෙන්න ඒක කිසිසේත්ම පිලිගන්නෙ නෑ...ඒත් මිනිහම මිනීමරුව නෙමෙයි කියන්න අපිට හොද සාක්ශියකුත් නෑ""

"නෑ නෑ ඕයි..ඒ මගුලක් නෙමෙයි මම මේ කියන්නෙ ....

මිසිස් බල වර්ධන ගෙ මිනීමැරුම ගැන ලොකුවට පත්තර වල ටීවී එකේ ගියේ නැත්තෙ ඇයි

මිස්ටර් බලවර්ධන කියන්නෙ අන්ක එකේ පෝසතෙක්...හරිනම් මිනිහගෙ ගෙදර බල්ල මැරුනත් දවස් හතක් ගොසිප් යන්න ඕනෙ...ඒත් මේක ගැන කිසිම දෙයක් සාමාන්‍ය මිනිස්සු දන්නෙ නෑ"

" ඔවූ ඒක හරි සාෂා...මට පේන්නෙ මේක කවුරු හරි ලොක්කෙක් වහලා දාන්න හදනව වගේ ලොකුවට හයිලයිට් නොවී"

"බලපන්කො එදා අපි ගිහින් ඕයිසී කාරය හම්බෙලා කතා කරාට ...මිසිස් බලවර්ධන කියන ගෑනි සුදුද කලුද කියන එක වත් දැනගන්න ෆොටෝ එකක් ඉ ල්ලගත්තෙ නෑනෙ"

"ඒව හොයන්නෙ කොහොමද උබ මේ කේස් එක වැඩක් නෑ...කියල නාඅහෙන් අඩ අඩ නෙ හිටියෙ....ඇයි මේ එක පාරටම ලොකු උනන්දුවක්"

"එහෙම දන්නෙ නෑ බන්...ඒත් මම හිතුව...මෝඩයෙක් වගේ පාවි පාවි හිටිය ඇති කියල ...මට ඕනෙ නම යන වැඩක් කරලා හරියට ලෝයර් ජොබ් එකට එන්ටර් වෙන්න"

"ඕඔ...නෝ...දැට්ස් මයි බෝයි....ඕකනෙ උට්ටො....පහුගිය අවුරුදු ගානටම මම කියුවෙ....උබ නොදන්නවට උබට හොද කැපෑසිටියක් ටැලන්ට් එකක් තියෙනව...ඒකෙන් ප්‍රයෝජනයක් ගනින්"

"කතා ඇති බතලය...උබේ ටැබ් එක දීපන් ...පොඩ්ඩක් අපි බලවර්ධනගෙ බිස්නස් මොනවද බලමු"

මම පවන්ගෙ ටැබ් එකෙන් බලවර්ධන ගෲප් කියල ගහල මිනිහගෙ බිස්නස් ගැන හොයන්න ගත්තා

"ඕයි අපි දන්නෙ නැති උනාට ගැමා බීටා පාමසුටිකල් කම්පැනි දෙකම බලවර්ධනගෙ"

මම ටැබ් එක පවන්ට දික්කරලා කියුවා

"ආඅ..සිරාවට ලන්කාවෙ බෙහෙත් වලින් 50% ක් ගෙන්වන්නෙ මේ කම්පැනියෙන් නේ "

case කේස්Where stories live. Discover now