•තෙවන දිගහැරුම•

2.7K 400 349
                                    

"යසයි ඉලන්දාරියා... ගෙදර එද්දි රෑ 8වෙනවා කියල ගිහින් 7.30 වෙද්දි හොදට නිදි ඇදේ දපලා"

තද නින්දක හිටපු මම උඩ ගිහින් ඇහැරුනේ කණ ලඟම ඇහුනු මිනිකින්කිණි නෙවේ ගංඨාර සද්දෙට. උඩ ගිය පාරට තව ඩිංගෙන් සිවිලිමේ නහයත් ඇන ගන්නවා. කවුද යකෝ කන ලඟ තොවිල් නටන පරයා. ඒ මදිවට මගෙ අහිංසක පස්සටත් හොද පාරක් වැදුනා රත් වෙන්නම.

"නැගිටිනවා ලොකූ.. අප්පච්චිත් ගෙදර ආවා"

හම්මට.. මේ අපේ වලව්වේ මැණිකේනෙ. අනේ රත්තරනේ සමාවෙන්න සුදු අම්මේ දැනගෙන නෙවෙයි ඉස්සෙල්ලා බැන්නේ. හත්තිලව්වෙ හිතින් හිතපු ටික අම්මට ඇහුනා නම් මෙතනම වලලනවා මාව.

"ආව්ව්ව් අම්මා... ගහන්නෙ ඇයි අප්පා"

"ගහන්න නෙවේ හමගහන්න වටින්නේ. ඒලෙවල් කරන ලමෙක් නේද.. ක්ලාස් ගිහිනුත් නෑ"

අම්මා ඔය කෑගහන්නෙ බොරුවට. අම්මා කවදාවත් මට ඇත්තටම බැනලා නෑ. සැරට ගහලාවත් නෑ.

දැනුත් ඔය ඉනට අත් දෙකක් තියන් රවාගෙන බලාගෙන හිටියට හිනාව තද කරන් ඉන්නේ.

මං ඉතින් නිදිමත කඩාගන්න ඇස් දෙක පිහදගෙන ඇද ලඟ හිටපු අපේ වලව්වේ මැණිකේගෙ අතින් ඇදලා ඇදට වට්ටගෙන ඇග උඩින් කකුලකුත් දාගෙන අම්මගෙ බෙල්ල අස්සට මූන ඔබාගත්තා. එයා තාමත් අපිව හුරතල් කරනවා. මටත් ඉතින් මීට වඩා දෙයක් නෑ..

"ආයි ලමයෝ.. කොන්දත් කැඩුනද කොහෙද.. සේරම කරලා කපටිකමට තුරුල් වෙලා බේරෙනවා හැමදාම. දෙන්න තියෙන්නේ ඔලුව හිල් වෙන්න"

"ඉතින් මයේ සුදු මැණිකේ. අද අර ලද- මං කිව්වේ කෝච්චිය පරක්කු උනානේ. ක්ලාස් යන්න පරක්කුයි ඉතින් මං ගෙදර ආවා. ආවට පස්සේ මහන්සියට නින්ද ගියා.. කෝ ඉතින් තේ එකක් වත් හදාගන්න මැණිකේ ගෙදර ඉන්න එකක්‍ යෑ"

"ඔව් ඔව් උබටත් මැණිකේ මතක් වෙන්නේ තේ එකක් හදාගන්න තමා.. හා හා හුරතල් උනා ඇති කෝ අතාරින්න අප්පච්චි බලාගෙන ඉන්නවා කන්න"

එව්වා කොහෙද මා එක්ක.. තව ටිකක් තද කරලා බදාගෙන අම්මගෙ බෙල්ල අස්සට මං ගුලි උනාම අම්මා එයාගෙ අතක් මගේ ඔලුව කිට්ටුවට ගෙනත් පරිස්සමෙන් මගෙ කොන්ඩේ හැදුවා. හදලා ඔලුව අතගෑවා.

වස්සාන හාදු || The Rainy KissesWhere stories live. Discover now