•විසිහයවන දිගහැරුම•

2.1K 406 349
                                    

අයියා අතේ සුදු නංගිට යවන්න අම්මා මේක දුන්නා කියන ගමන් අර පේපර් බෑග් එක මගේ අතේ තියපු එයා තවත් විනාඩියක් වත් මගෙ ලඟ නොරැදි යන්න ගියා.. මුකුත් හිතාගන්න බැරි උන මම ඒ එක්කම ආව එස්ක්ප්‍රස් ඒකට ගොඩවෙන ගමන් දොර අයිනට හේත්තුවක් දාගත්තා..

හැබැයි එවෙලේ කිසි දෙයක් හිතාගන්න බැරි උනත් තාමත් අතේ එල්ලෙන බ්‍රව්න් පේපර් බෑග් එක පහුවෙන ස්ටේශන් එකක් ගානට මගේ ඔලුවේ පිරෙව්වේ විකාර අදහස් විතරක් උනා..

මං මෙච්චර කල් හිතන් හිටියා වැරදියි කිය කිය උඩතිරිංග අල්ලන මගේ ‍යටි හිත කිව්වෙම එයාගෙ අම්මා කැමති මට නෙවෙයි මගේ නංගිට කියල වෙනකොට අර උදේ ඉදන් තිබුනු සතුට මගේ හිතෙන් හොයාගන්නවත් නැති වෙන්නම හේදිලා ගියා..

එයාගෙ අම්මා කැමති සුදූට නම්, මට මොකද වෙන්නේ!හා හා පුරා කියලා හිත අස්සේ දලුදාගෙන එන කුළුදුල්ම ආදරේ අයිති වෙන්නත් කලින් වෙන කෙනෙක්ට දෙන්න තියා හිතන්නවත් මට ඕනි නැති උනත් ඒ ඉන්නේ මගේ නංගි. එක කුස උපන් මගෙම නංගි...

එයාගෙ අම්මා එදා ලැන්වේජ් ඩේ එකේ හවස සුදුගෙ මූන අතගාලා 'ඕනිම දේකට මේ අම්මා ඉන්නව පුතේ' කියලා කිව්වේ එතකොට මේ නිසාද!

මට හිතාගන්න බැරි උනා.. සයුරුත් සුදූට ගොඩක් ලඟයි. කොටින්ම මට වඩා සෑහෙන්න එකතුයි. මා එක්ක කතා කරන්නෙ වචන දහයයි නම් එයා ලෝබ නැතුවම මගෙ නංගි එක්ක වචන 100ක් කතා කලා.. ඒ ලස්සන හිනාව කහටක් නැතුවම එයා මගෙ නංගි ඉස්සරහ එලිකලා.. ඉතින් මගේ සුදුත් එයාට කැමති උනොත්!!!

මොනවා කරන්නද.. ඒකිගේ එකම අයියා විදියට ඒ කෙල්ලගේ සතුටට ඉඩ දීලා මං ඒ පාරෙන් අයින් වෙනවා මිසක!

හැබැයි මං ඉන් පස්සේ තවත් එක තප්පරයක් වත් මේ රටේ වත් නොරැදි යන්න යනවා.. මම කියලා මනුස්සයෙක්. ඉතින් කොහොමද මං බලන් ඉන්නේ. උන් දෙන්නා දවසක කසාද බඳියි.. එක පවුලක් වෙයි. දරුවෙක් මල්ලෙක් හදාගෙන ආදරෙන් ජීවත් වෙයි.

බෑ! මට බලන්න බෑ.. කුහක කම නෙවෙයි. මගේ නංගිගෙ සතුට බලාගෙන ඉන්න බැරි තරම් මම කුහකයෙක් නෙවෙයි. ඒත් අනේ..... මගේ පපුව පැලෙයිනෙ!

වස්සාන හාදු || The Rainy KissesWhere stories live. Discover now