"සුදු මහත්තයා...."
"සුදු මහත්තයා......!!"
"පුතේ........."
මම උන්නේ තද නින්දක.. මහ පාන්දර වෙනකනුත් නින්දක් නැතුව ඔහේ කල්පනා කර කර උන්නු මට එලිවෙන පැය කීපය ඇතුලත නින්ද ගිහින් තිබුනා වගේම දොරට එළියෙන් ඇහෙන අම්මගෙ කටහඬත් එක්කවත් මට මගේ නිදිමත ඇස් දෙක ඇරගන්න බැරි වුනා.
ඉතින් දෙතුන් පාරක් කතා කරලත් කිසිම උත්තරයක් නැති තැන ලොක් නොකරපු දොර අගුල කරවකගෙන අම්මා කාමරේ ඇතුලටම ඇවිත් හිටියා...
වෙනසක් නෑ අදත් වෙනදා වගේමයි.. සයුරු නිදි මගෙ තුරුලේ.. තුරුලේ විතරක් නම් කමක් නෑ. පොඩි එකා නින්දෙන්ම මගේ පපුවට මූන ගහගෙන මදිවට මට දැනුනා හරි නම් දැන් ඒ තොල්දෙකත් නැවතිලා තිබුනේ මගෙ පපුව උඩ..
ඉතින් කාමරේ ඇතුලට අම්මා එනවත් එක්කම නිදිමත කඩාගන්න බැරුව ඇස් දෙක ඇරගන්න බැරි උන මගේ නිදිමත උන්හිටි තැන් වලින් වාශ්ප වෙලා යනකොට පුරුදු විදියටම කාමරේ ඇතුලට ඇවිත් , අරන් ආව කිරි වීදුරු දෙක මගේ මේසෙ උඩින් තියන අම්මා දිහා බලාගෙනම මම මගෙ කොලු පැටියව මගේ පපුවෙන් අයින් කලා.. ඒකත් හිමින් සැරේ... ඇහැරෙන්නෙ නැතිවෙන්න.
"අම්මා..."
යාන්තමට එහෙ මෙහෙ වෙලා තියෙන කර්ටන් අස්සෙන් පේන වටපිටාවට ඇහැ යවපු මට තාමත් හරිහැටි එලියක් වැටිලා නෑ කියලා දැනෙද්දි, මම එහෙමම අම්මට කතා කලා.. මට විශ්වාසයි තාමත් උදේ 6 පහුවෙලා මහ වෙලාවක් ගිහින් නැතුවැති!
"සුදු මහත්තයා.."
නිදිමත බේරෙන ඇස් දෙකත් පිහදාන ගමන් මම බලාගෙන හිටියේ අම්මා තවත් මොනාහරිම කියනකන්.. මොකද මට තේරුනා.. අම්මා මොනාහරි කියන්න හදනවා.. ඒත්, මට නොතේරුන අමුතු දේකට, කොච්චර කොහොම සැර වැර කලා උනත් සමහර දේවල් ඉස්සරහ අම්මා මම ලඟ පැකිලුනා.. සමහරවිට ඒකට හේතුව ඒ බඩින් එලියට ආවත් අප්පච්චිගෙ හිතුවක්කාර ලේ උරුම උනු මගේ තියෙන දඩබ්බර ගතිය වගේම කාටවත් යටත් නොවෙන අහංකාර ගතිය වෙන්න ඇති!
ඉතින් මම බලාගෙන උන්නත් වගේ, ලොකු හුස්මක් උඩට ඇදගත්තු අම්මා එයාවම ලාවට සන්සුන් කරගන්න ගමන් ආයෙම කතා කරන්න ගත්තා...
VOCÊ ESTÁ LENDO
වස්සාන හාදු || The Rainy Kisses
Fanficමේ දඩබ්බර හිතකට අයිතිවාසිකම් කියූ අවිහිංසක හිතක ආදර කතාවක්....