•පනස් එක්වන දිගහැරුම•

1.8K 347 203
                                    

පෝයක්

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

පෝයක්...

පෝයක් කියන්නෙම නිවුන දවසකට.. ලස්සනම අහසකට.. මතක දා ඉදන් මම පෝයට ආස උනේම ඒ ලස්සනම අහස බලන්න තිබුන උවමනාවට. ඒත් ටික ටික මෝරගෙන ඇවිත් ආදරයක් මේ හිතේ දලු දැම්ම දා ඉදන් මම පෝයක් වෙනුවෙන් බලාගෙන උන්නේ එකම එක හේතුවක් නිසා..

හඳ...

දවස් 28ක් තිස්සේ චුට්ට චුට්ට පිරෙන ගමන් අවසානේ හරි රවුමට අහස එලිය කරන හඳ මට මතක් කලේම ඒ ඇස් දෙක වෙනකොට එයාව මුණගැහිලා ගෙවුනු හැම පෝයකම රෑ වරුවෙන් වැඩි වෙලාවක් මම වෙන් කලේම හඳ දිහාම බලාගෙන ඉන්න.. සමහර දවසක කෝල් එකක් අරන් හඳ එලිය යටදිම පුන්චි පුන්චි ආදර වදන් එක්ක ඒ ආදරෙන් නෑවෙන්න.

මේ ගෙවෙන්නේ මම එයාව අදුරගෙන ගෙවෙන දාහතරවෙනි පෝය.. මගේ හිත එයාගේ කරන්, අපි ආදරේ කරන්න අරන් ගෙවෙන දොලොස්වෙනි පෝය..

හරියටම කිව්වොත් එදා එයා එයාගේ හැඟීම් මට ලියලා දීලා ගෙවෙන තුන්සියහැටපස්වෙනි දවස.. ඔයාලට මතක නම්, අද තමයි මගේ අහිංසකයාගෙ දහ අට වෙනි උපන්දිනේ දවස...

හෙට දවස කියන්නෙත් මගේ හුස්ම ටික මේ වාතලයට මුහු වෙන දවස වෙනකන් අමතක නොවෙන දවසක් වෙනකොට ඒ තොල් ඉස් ඉස්සෙල්ලම මගේ කරන්, මම මගේ හිතේ හැඟීම් ඒ ඇස් ඉස්සරහ එලි කරපු දවසෙ ඉදන් හෙටට අවුරුද්දක් ගෙවිලා තිබුනා.. ඒකත් නොදැනිම!

ඒත්, ඒ ලස්සන දවස තවත් ලස්සන කරන්න, තවත් ඒ ආදරෙන් මාව මත් කරන ගමන් හෙම්බත් වෙන්න මගේ මැනික තව දුරටත් මගේ ලඟ නැති උනා.. එදා මගේ උපන්දිනේ දවසේ එයාගේ ඊලඟ උපන්දිනේටත් දානයක් දෙන්න හිතාගෙන උන්න මට ඒ හීනේ හීනයක්ම වෙලා ගියා.. ඒ සේරම පැත්තක තිබ්බත්, අඩු තරමේ මම මගේ හුස්ම ටික ගැන හාංකවිසියක් වත් නොදැන අදට දවස් 6කුත් ගෙවිලා ගිහින් තිබුනා..

වස්සාන හාදු || The Rainy KissesOpowieści tętniące życiem. Odkryj je teraz