67🤍

1.7K 312 479
                                    

Dilo's

ඈතට හරි ලස්සනට පේන මල් වැලක් වටේ යවපු වුඩ්න් ෆ්‍රේම් එකක මැද කහපාට ලයිට් වලින් ඊස්තටික් වයිබ් එකට හදලා තිබුන නේම් බෝඩ් එක දිහා බලාගෙනම කැෆේ එක ඉස්සරහින් වාහනේ නවත්තපු මම එහෙමම අතේ බැඳගෙන උන්නු වොච් එකෙන් වෙලාව බැලුවා....

10යි 35යි

ඒ එක්කම වගේ මට බැලුනේ මම වාහනේ පාර්ක් කරපු තැනට මීටර් විස්සක් විතර එහායින් පාර්ක් කරලා තිබුන ඩිෆෙන්ඩර් එක දිහා වෙනකොට ඊළඟට මගෙ මූනට ආවේ කටකොනක හිනාවක්...

වැඩිය නෑ... ඌ විනාඩි 35යි රස්තියාදු වෙලා තියෙන්නේ..

මේ වගේ වෙලාවට කොහොමත් වැඩි සෙනඟක් ගැවසෙන්නෙ නැති පුන්චි කැෆේ එකේ ඇතුලට ආව මගේ ඇස් දෙකට කෙලින්ම නෝට් උනේ ටිකක් ඇතුලට වෙන්න තිබුන ටේබල් එකක ඉදගෙන ඉන්න මම හොදටම දන්න අදුරන එකෙක්ව!

එහෙනම් මම හිතුවා හරි! මගේ කටකොනට ආයෙම ආවේ මහ නක්කල් හිනාවක්..

කොහොමත් එන්ට්‍රන්ස් එක දිහා බලාගෙනම උන්නු ඌත් මාව දැක්කා කියන්න තවත් සාක්ශි ඕනි නැති වෙනකොට ඇදගෙන උන්නු ඩෙනිමේ පොකට් දෙක අස්සට අත් දෙකම ඔබාගත්තු මම ගිහින් ඌ ඉදන් උන්නු ටේබල් එක ඉස්සරහ හිටගත්තා.. නිකන් නෙවෙයි.. අර කොහොමත් ඇදිලා තිබුනු නක්කල් හිනාවට තව දුරටත් මගෙ මූනෙන් මැකෙන්න නොදීම.

"මම හිතුවා හරි එහෙනම්... උඹ ආවා.... හේශාන්!"

ඉතින් ඌ කලෙත් මට නොදෙවෙනි තරමින් මම වගේම හිනාවෙන එක! හිනාවෙලා,

"ඇයි උඹ හිතන් හිටියෙ මගෙ ගෑනිගෙ අයියා ඌව හම්බෙන්න එන්න කිව්වම එන්න තරම් මට කොන්දක් නෑ කියලද"

හිනාවුන ඌ කෙලින්ම මගෙන් අහපු කතාවට යටපත් කරන් ඉන්න මගේ යක්සයා ආවේස වේගෙන ආවත් කේන්තිය පාලනය කරගන්න සෑහෙන්න වෙහෙසක් දරපු මම එහෙමම උගේ කතාවට ප්‍රතිඋත්තර බැන්දා..

"ඒකි කවද්ද උඹේ ගෑනි වුනේ...?"

"තාම නම් නෑ.... හැබැයි අනාගතේ වෙන්න බැරිත් නෑ... වෙන්න බැරි නෑ නෙවෙයි.. ඒක එහෙම තමයි... මේ හේශාන් කවුද කියන්න උඹ නොදන්නවා වෙන්න බෑනේ.. ඉදගනින්.. මොනාහරි බීලා කතා කරමු"

වස්සාන හාදු || The Rainy KissesWhere stories live. Discover now