•තිස් හත්වන දිගහැරුම•

3.2K 476 195
                                    

අද.... දෙසැම්බර් 20. කාලය ගැන කතා කලොත් එයා එදා අපේ ගෙදර ඇවිත් ගිහින් අද වෙද්දි මාස තුනකුත් පහුවෙලා. ඒ කියන්නේ අපි ආදරේ කරන්න අරගෙනත් දැන් මාස තුනක්. මේ මාස තුන ඇතුලේ විශේෂයෙන් කියන්න තරම් දෙයක් සිද්ද නොවුනත් එදා ආයෙම මම සති දෙකකට පස්සේ ඉස්කෝලේ ගියා.. හැබැයි ඒ වෙද්දිත් මිගාරගේ තාත්තා වෙච්චි ලැජ්ජාව නිසාම මිගාරව ඉස්කෝලෙන් අස් කරගෙන ගිහින් තියෙනකොට මට මගේ කොල්ලා ගැන හිතේ තිබුන ලොකුම බය ඉස්කෝලෙන් අතුරුදන් වෙලා තිබුනා.. ඒ ඇරෙන්න මීට දවස් 15කට උඩදි පටන් ගත්ත ඕලෙවල් විභාගේ දවස් දෙකකට කලින් ඉවර උනේ සුදූගේ වගේම අපේ ගෙදර හැමෝගෙන්ම ඔලු වලින් ඒ බර නිදහස් කරලා උනත්, කෙල්ල තව මාස දෙකක් නිදහසේ ඉදියි. එතනින් එහාට ඒකිට පැටවෙන්නේ කලින්ට වඩා දහගුනේක විතර බරක් කියලා මතක් වෙනකොට මට කෙල්ල පව් හිතුනා.. ඒත් ඉතින් ඉගෙන ගන්න ඕනිමනෙ. අන්න ඒ නිසාමයි ඒ බර ඒ කෙල්ලගේ ඔලුවට පැටවෙන්න කලින් මම මේ දැන් යන්න ඉන්න ගමන යන්න අපි හැමෝම කැමති වුනේ..

කිව්වත් වගේ මම මේ දැන්, උදේ පාන්දර 5.45ට ගම්පහ ස්ටේශන් එකට වෙලා ලොකු බෑග් එකකුත් ලඟ තියාගෙන හිටගෙන බලාගෙන ඉන්නවා.. මගෙ ලඟම සුදූ, කෙල්ලගේ හොදම යාලුවා එක්ක කලිඳුත් අපි ලඟ හිටගෙන හිටියත් මගේ ඇස් දෙක ස්ටේශන් එකෙන් එලියට යොමු වෙලා තිබුනේ තාමත් අපි ලඟ නැති අඩු පාඩු දෙක එනකන් මඟ බලාගෙන..

ඔව්! ඔයාලා හිතුවා හරි.. අපි එක්ක මේ ගමන මගේ කොල්ලත් යනවා.. එක්කන් යන්න ගෙදරින් එලියට ගන්න එක ලේසි පහසු වැඩක් නොවුනත් මම වගේම සුදූ වත් වෙන කිසිම කෙනෙක්වත් සයුරු නැතුව මේ ගමන යන්න කැමති උනේ නෑ..

එක්සෑම් ඉවර උන හැටියේ එයාව කොහෙහරි එක්ක යන්න කියලා එක්සෑම් එකට යන්න කලියෙන්ම සුදූ ගේ සාලේ මැද්දෙ උඩතිරිංග අල්ලපු නිසාම අපි කට්ටිය හැමෝගෙම කැමැත්තෙන් ට්‍රේන් එකේ ඇල්ලේ යන්න දාගත්තා.. වාහන වල යන්න පුලුවන් කම තිබ්බත් අපි හැමෝටම ඕනි උනේ ට්‍රේන් එකේ ඇල්ලේ යන අත්දැකීම විදගන්න වෙනකොට අම්මා අප්පච්චිත් අපිට යන්න ඕනි කරන හැමදෙයක්ම කැමැත්තෙන්ම ලෑස්‍ති කරලා දුන්නා.. මොකද ඉස්සරහට එන මාස අට මට වගේම අකේන්ට හෙලවෙන්නවත් බැරි කාලයක්.. ඉතින් ඒ රශ් එකට කලින් ටිකක් රිලැක්ස් වෙලා එන්න කියලා අප්පච්චිම කියනකොට මට ඊලඟට ඕනි උනේ සයුරුව එක්කන් යන්න. පොඩි එකා අවුරුදු 17ක් තිස්සේ ගේ අස්සෙම හිර වෙලා ඉදියා මිසක කොහෙවත් ගිහින් නැතිකොට මට එයාව දාලා ගිහින් සතුටු වෙන්න පුලුවන් කමක් නැති වුනා.. අකේන්ගේ ගෙදර අය, සුදූගේ යාලුවා උන නිමා නංගිගේ ගෙදර අය ගමනට පර්මිශන් දුන්නත් අපේ ලොකුම ප්‍රශ්නේ උනේ සයුරු..

වස්සාන හාදු || The Rainy KissesWhere stories live. Discover now