71🤍

1.7K 356 273
                                    

ඇත්තටම ජීවිතේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක්.. අද ඉදලා හෙට මොනවා වෙයිද කියලා කියන්න කාටද පුලුවන්.. පුදුමාකාරයි කියනවටත් වඩා හරිම වචනේ ජීවිතේ අවිනිශ්චිතයි.. අපි මොන තරම් දේවල් හිත් වල පුරවගෙන පොදි බැදගෙන හිටියත් ඒ හැමදෙයක්ම සිද්ද වෙන්නේ අපේ දෛවය ලියපු එකාට ඕනි විදියට නම්, එක අතකට අපි මොකටද ජීවිතේට දේවල් පුරවගන්නෙ.. ඒ කියලා පුරවගන්නෙ නැතුව ඉන්නද. මේ කතා කරන මටත් අද මැරුනත් දාලා යන්න ලෝබ හිතෙන දේවල් මම කොච්චරක් නම් මේ අවුරුදු 19ක ජීවිතේ අස්සේ ඔබාගෙනද..

ජීවිතේ අවිනිශ්චිත නැත්තන්, මීට සතියකට උඩදි අම්මා තාත්තා ළඟ උන්න සයුරු අද මගෙ ළඟ ඉදියිද.. ඊයෙ උදේ එලිවෙනකොට කොල්ලවත් අරන් එලියට බහින්න හදපු මට අද එලිවෙනකොට ඇත්තටම වලව්වෙන් පිටමං වෙන්න වෙලා තියෙයිද.. ඔක්කොටමත් වඩා, එදා ආදරේ වෙනුවෙන් මුලු පවුලටම විරුද්ධ වුන මගෙ බාප්පගෙ ආදරේත් බාප්පට පිටුපාපු වෙලාවෙ බාප්පා ඒ මුලු ජීව්තේම බර බාල්කෙකට සින්න කරයිද...

මට තාමත් අප්පච්චිගෙ කටින් පිටවුන ඒ වචන දිරවගන්න බැරි වුනා.. ඒක මහ වේදනාවක්.. කොටින්ම, එකම සමාන ඉරණමකට මූන දෙන්න වුන මගෙ සයුරු තාමත් සනීපෙට ඇද උඩ ගුලි වෙලා නිදාගෙන ඉන්න වෙලාවක ඒ මූන දිහාටත් සැරින් සැරේම ඇස් යවන ගමන් ඒ හැමදෙයක්ම මතක් කරවන එක මහම මහ වේදනාවක්...

මට මතක් වෙන්නෙම එක දෙයයි.. සයුරුට මම නොහිටියා නම් සයුරුත් ගන්නේ ඒ තීරණේද.. එහෙම උනා නම් මට මොනවා වෙයිද.. හිතාගන්නවත් බැරි වෙනකොට මම ඈත මීදුම දිහාවට ඇස් අලවන් දිගටම කල්පනා කලා..

තාමත් උදේ 7යි.. සීතලයි.. සීතලයි කියන්නේ කටින් දුම් පිටවෙන තරමට මේ වටපිටාව සීතලයි.. බාගෙට ඇරපු ජනෙල් පියනක් අස්සෙන් ඈත ගස් අස්සෙන් උඩ නගින මීදුම දිහා බලාගෙන හිටියත්, දවල් වෙද්දි මේ කාමරේට සිරීපාද මළුව පේන්නේ කිසිම බාධාවක් නැතුව..

ඉතින් මම මේ ඉන්නෙ සිරීපාද අඩවියේ... සිරීපාද පාමුල තියෙන ලස්සන ගමක.. කොටින්ම මගෙ අම්මගෙ මහගෙදර. තේ වතු වලින් , රබර් ගස් වලින් වට වුන ලස්සන පරණ තාලේ ගෙදරක නිදන කාමරේක ජනේලක් අයිනට වෙලා මම තාමත් කල්පනා කරන්නේ ඊයෙ සිද්ද වුන දේවල් ගැන..

වස්සාන හාදු || The Rainy KissesWhere stories live. Discover now