•තිස් හතරවන දිගහැරුම•

2.3K 420 385
                                    

මාව හතරවෙනි තට්ටුවෙන් පල්ලෙහාට තල්ලුත් කරනවා කියල මට තර්ජනේ කරපු මගෙ හරීම අහිංසක පිච්ච මලක් වගේ කොල්ලා ඊලඟට මට පණ්ඩිතයා කියලත් අපහාස කරත් මම නෙවෙයි මීක් කිව්වේ. කටයි අහවල් එකයි පියාගෙන එයාගෙ පස්සෙන් හරීම කීකරු කුක්කෙක් වගේ ඇදිලා ආවා මිසක්.

නිකන් මොකටද අවදානමක් ගන්නේ.. අර කිව්වත් වගේ මාව මෙතනින් පල්ලෙහාට තල්ලු කරලා මේකා අඩ අඩ හෙව්වොත් එහෙම! එහෙමට මිනිහා.

සිංහයා උනත් ගෑනි ඉස්සරහ බලු වෙනවා කියල අහලාත් තිබුනා.. දැකලත් තිබුනා. හැබැයි අත්වින්දේ අද!

එවුනාට මං මේ නිකන් කියන්නේ.. මං නේ ටොපා. අනික මං මාස 9ක්ම වැඩිමලුත් එක්කනෙ! එහෙම එකේ මට ඔහොම බයින්න වටින්නෙ නෑනේ නේද. මං පව්නේ. ඕකනෙ මං මෙච්චර කාලෙකුත් ලව් වලට අත නොදා පාඩුවේ හිටියේ. ම්හුක්! ඇයි අප්පා.. අහිංසකයව වරදට පොලඹවගෙන දැන් බයිනවත් එක්කනේ.

මෙහෙම ගිහින් මූ මාව ටොප් කරයිද දන්නෙත් නෑ.. අනේ මගෙ අහිංසක අනාගතේ! එවුනාට දැන් ඉතින් මැරෙන්නයෑ.. බෙරේ බැඳගෙන ඉවරනේ.
මං මේ නිකන් දැනගන්න කියන්නේ.. අහිංසක මූනු පිටිපස්සේ මහා භයානක යස්ස පැටව් හැංගිලා ඉන්න පුලුවන්!

මමත් අද තමයි දැනගත්තේ!

ඒ කොහොම උනත් මටත් රවපු එයා මාවත් ඇදගෙනම ඇවිත් අවසානෙදි ඇවිත් නැවතුනේ අපේ ක්ලාස් එක ඇතුලේ වෙනකොට,

"මොකද්ද කරන්නෙ බබා..."

අහපු මට ආයෙම රවපු එයා,

"අයි මං කලින් කිව්වේ කරන්න යන එක." කියන ගමන්ම මාව පුටුවකට තල්ලු කලා..

"ඔහොම ඉන්න ඔතනින් වාඩිවෙලා.. හෙලවුනොත් එහෙම හම ගහලා හැට්ටයක් මහනවා....!"

ඔන්න ඔහොමත් මට තව වතාවක් තර්ජනේ කරපු එයා ක්ලාස් එකේ කබඩ් එක හොයාගෙන ගිහින් ෆස්ට් ඒඩ් බොක්ස් එක අරගන්න හැටි මං ඔලුවටත් අත ගහගෙන බලාගෙන හිටියා..

"ස්ස් ආර්හ්හ්....."

පුලුං කෑල්ලකට අර ගත්තු සර්ජිකල් වලින් මගේ අතේ හම ගිය තැන් තෙමෙනකොට මට කෙඳිරිගෑවුනා. ඒත් එයා නෙවෙයි හ්ම් කිව්වේ.. පාඩුවේ තවත් අර සර්ජිකල් පුලුං කෑල්ලෙන් හෝ ගාලා දමාගෙන මගෙ අත පිහදානවා.. හැබැයි හරි පරිස්සමට. සර්ජිකල් වලට දැවිල්ල ඇල්ලුවා මිසක එයා එක දශමයක් තදින් මගෙ තුවාල ඇල්ලුවේ නෑ..

වස්සාන හාදු || The Rainy KissesWhere stories live. Discover now