•හතලිස් හත්වන දිගහැරුම•

1.9K 350 213
                                    

කනට ඇහුන වචන ටිකත් එක්කම ඔලුව ඇතුලේ හෙන ගෙඩි හතක් පුපුරනවා වගේ දැනෙනකොට මගෙ මුලු සර්වාංගෙම හීතල වෙලා ගියා.

හිටගෙන ඉන්නවත් තවදුරටත් මගේ කකුල් දෙකට පණක් නැති වෙනකොට එහෙමම අඩි දෙකක් පස්සට විසි වෙලා ගිය මගේ උරේ වටේ අකේන්ගේ අතක් එතුනා විතරයි ඌ මාව හිරටම උගේ පපුවට කරලා තද කරගත්තා..

"හසරැල්.. අනේ බං..."

"මගේ කොල්ලට මොකද අකේන්.. මගේ පණ ටිකට මොකද වෙලා තියෙන්නේ කියපන්කෝ.. අනේ ඒකාට අමාරුයි ද අකේන්.. ම..මම.. මම මගේ මැනිකට වැරැද්දක් කලේ නෑ අකේන්.. ඌ.. ඌ අඩුම මට කතා කරන්න වත් නොදී යන්න ගියානෙ..!"

අකේන්ගේ උරහිස තෙමාගෙන මගේ කඳුලු ඇස් වලින් පහලට කඩාගෙන වැටෙනකොට, අනේ මම කොල්ලෙක්නේ, පිරිමියෙක් අඩන එක පිරිමි කමටත් නිගාවක්නේ කියලා මට මතක් උනේ නෑ. ඇයි පිරිමින්ට කියලා දැනෙන්නේ වේදනාව නෙවෙයි ද? පපු කුහර ඉරාගෙන යන වේදනාව වාවගන්න බැරි තැන ඒ වේදනාවම ඇස් අස්සෙන් වතුර විදියට බිමට වැටෙනකොට පිරිමියෙක් අඩන එක නිගාවක් කියලා මට මතක් උනේ නෑ. මට වැඩක් නෑ! පපුව ඇස්සෙන් ඇදුම් කන වේදනාව කොයිම විදියකින් හරි පිට කරගන්නයි මට ඕනි උනේ. මගේ අහිංසකයාගෙ ඇස් වලට මාව වැරදි කාරයෙක් වගේ පෙනුනා මදිවට දැන් මගේ හුස්ම ටික ඉස්පිරිතාලෙකලු!

හදවතට දැනුන කුළුදුල්ම ආදරේ ලඟ මෙච්චර දරුණු වේදනාවක් උහුලන්න උන පලවෙනි වතාවෙම කඳුලු කැට හිර කරන් හැමදෙයක්ම දරාගන්න තරම් මම තාම පරිණත වෙලා නෑ! අවුරුදු 18ක් තිස්සේ මගේ ලඟ උන්න එක කුස නූපන්නත් මගේම සහෝදරයා වගේ දැනුන එකා ලඟ මගේ වේදනාව දිය කරලා යවන්නත් මම පැකිලුනේ නෑ.

ඉතින් කෙල්ලෙක් වගේ කටින් කෑගහලා ඇඩුවෙ නැතත් මගේ ඇස් වලින් වැටුන කඳුලු වැල් පිටින් අකේන්ගේ උරහිස තෙමාගෙන පහලට ගැලුවා!

"උඹ කවද්ද කොල්ලෝ මෙච්චර දුර්වල එකෙක් උනේ. අවුරුදු 18ක් තිස්සේ මම දැනගෙන හිටිය හසරැල් උඹ නෙවෙයි බං.. ඌ අහංකාර උද්දච්ච යකෙක්! ඌට මොකද උනේ"

තාමත් මාව බදාගෙන, මගේ ඔලුව උරහිස උඩ තියාගෙන එක අතකින් මගේ ඔලුව අතගාන ගමන් අනිත් අතින් මගේ පිට පිරිමැදපු අකේන් මගෙන් එහෙම අහනකොට මම උගෙන් ඈත් වෙන ගමන් ඒ ඇස් දිහා කෙලින් බැලුවා..

වස්සාන හාදු || The Rainy KissesWhere stories live. Discover now