79🤍

1.7K 277 274
                                    

එදායින් පස්සේ මාස 9ක්ම ගෙවිලා ගිහින් තිබුනා.. ගෙවුනු දෙසැම්බර් වල මට වයස 19ක් පිරුනා.. දැන් නම් 19යි මාස 7ක් වෙලා.. ඉන් පස්සෙ ජනවාරියක් ගෙවුනා.. අලුත් අවුරුද්දක් ආවා... අප්‍රේල් මාසෙම වගේ සයුරුයි මමයි වලව්වෙ ගතකලා. අපි දෙන්නම එකට ගෙව්ව පලවෙනි වෙසක් පෝයට සයුරුයි මමයි ගමේ ගෙදර වෙසක් කූඩු වලින් පිරෙව්වා... අම්මයි අප්පච්චියි පස් හය ගමනක්ම අපිව බලලා යන්න ගමේ ආවා.. හේශානයත් හිටි හිටි ගමන් මෙහෙ කඩාපාත් වුනා.. ඔය හැමදේම අස්සෙන් මගෙ කොල්ලා එයාගෙ එක්සෑම් එකටත් මහන්සි උනා... මගෙත් රිසාල්ට් අවුට් උනා.. අව්ලක් නෑ B එකයි C දෙකයි ඉන්ග්ලිශ් වලට A එකකුයි පොදු පරීක්ශනේට 72කුයි තිබුනා.. කොහොම උනත් මම එතනින් එහාට දැනට ඇකඩමික් කන්ටිනිව් කරන්න හිතුවෙ නෑ. මට ඕනි උනේ සයුරුගෙ එක්සෑම් එක ඉස්සෙල්ලා ඉවර කරලා ඉන්න.. ඉතින් මම හොටෙල් එකේ වැඩ එක්ක කාර්‍යබහුල උන අතරේ මම මගේ තනි ආසාවකට ලංකාවේ පවීණ රූපලාවණ්‍ය ශිල්පියෙක් යටතේ මාස තුනක කෝස් එකක් කලා..

මොකද මට මගේම කියලා ආසාවක් තිබුනා..

සැලොන් එකක් දාගන්න නම් නෙවෙයි.. මගේ ඒම් එක උනේ මේ හොටෙල්ස් ටික තව තව දියුණු කරන එක.. හැබැයි,

අයියෙක් විදියට මට මගේ නංගි මනමාලියක් වෙන දවසට ඒ කෙල්ලව මගේ අත් දෙකෙන් හැඩකරවන්න ලොකු ආසාවක් තිබුනා සහ අනිවාර්යයෙන්ම මම ඒක කරනවා...

සුදු අම්මා ගැන කිව්වොත්, ඔව්! එයා එදා, මාස 9කට ඉස්සර සයුරු කාවින්දගෙ ඔලුව පලන්න ගිය දවසේ ඇත්තටම මගේ ෆෝන් එකට කෝල් කලා... සුදු අම්මා කිව්ව විදියට එදා සුදු අම්මා එක්ක ඉටලි ගිය තාත්තා පුලුවන් ඉක්මනට වැඩ ටික ඉවර කරන් ඊට සතියකට පස්සේ ලංකාවට ඇවිත් තිබුනා.. ඒත් ගම්පහ ගෙදරට නම් නෙවෙයි.. සුදු අම්මාවත් නොදන්න ගෙදරකට සුදු අම්මව එක්කන් ගිය තාත්තා එතනින් එහාට ගෙවුනු සති දෙකම සම්පූර්ණම බාහිර පරිසරයෙන් මිදිලා ගෙදර ඇතුලේ කාලය ගෙවලා තිබුනා.. මේ කිසිම වෙලාවක තාත්තා සයුරුව හොයන්න උත්සාහ නොකරපු එක සුදු අම්මව පවා පුදුම කරලා තිබුනා.. කොටින්ම කෝල් එකකටවත් ආන්ස්වර් නොකර.. බිස්නස් දිහා පවා නිකමටවත් නොබලා ඒ සති දෙක ගෙදරම ගෙව්ව තාත්තා අවසානේ එයා කල්පනා කරන්න පාවිච්චි කරපු පුටුවෙන් නැගිටලා තියෙන්නේ තීරණේකුත් අරගෙන..

වස්සාන හාදු || The Rainy KissesWhere stories live. Discover now