65🤍

2.4K 422 569
                                    

දුම් දාන රතු කැකුළු බත, සුදු ඉඳිආප්ප, ඉඳිආප්ප කිව්වොත් ඊළඟට මට මුලින්ම මතක් වෙන තිබ්බටු සම්බෝලේ, ඉස්සෝ තෙම්පරාදුව, කිරට උයාපු පරිප්පු එක්ක දවස් දෙකකට උඩදි අම්මගෙ අතින්ම හදපු වම්බටු මෝජුව... මදිපාඩුවට තම්බපු ගම්කිකිළි බිත්තර! රෑ කෑම මේසේ උඩ පාළුව මකනකොට ඊටත් එහායින් තියලා තිබුන අද කපපු කෝලික්කුට්ටු කැනේ උඩම ඇවරිය කලේ කෑම මේසෙ උඩ රජකම් කරන එක.. එච්චර සරුයි ඒ කෙසෙල් ගෙඩි ටික..

කෑම මේසේ දිගේ ඒ කෙලවරේ ඉදන් මේ කෙලවරට වෙනකන් බලාගෙන ආව මම එහෙමම කෑම මේසේ වටේට බැලුවා..

කවදත් පුටු 10ක් තියන ලොකු මේසේ හැමදාම හිස් තැන් මැකුනේ පුටු 4ක විතරක් උනත් අද රෑට ඒක පුටු 5ක් වෙනවා.. ඒත් තාම තුනයි.. අපි තුන විතරයි.. හැමදාමත් මුල් පුටුව අප්පච්චිට උන කෑම මේසේ පුරුද්දක් විදියට දකුණු පැත්තේ අප්පච්චි ලඟම පුටුව හැමදාටම මට වෙන් වෙනකොට වම් පැත්තේ පුටුව අම්මට වෙන් වුනා. අම්මගෙ ලඟ පුටුව සුදූට වගේම අද මට එහා පැත්තෙනුත් තව පුටුවක පාළු මැකිලා ගිහින් තිබුනා..

මගෙ සයුරු..

රෑ කෑමට අප්පච්චි අනිවාර්යයෙන්ම එන බව දැනගෙන හොදටම බයවෙලා තොලත් හපාගෙන බිමත් බලාගෙන ඉන්න මගෙ පොඩි කෝලම..

කොල්ලට ඉස්සරහම පුටුවේ හවස් වරුවම අඩපු මූන පුලුවන් තරම් පුම්බගෙන බිම බලාගෙන ඉන්න මගෙ පිස්සු මඟුල..

නිහඬයි... අපි තුන් දෙනෙක්ගෙන් දැනටම කෑම මේසේ පිරිලා තිබුනත් හැමදෙයක්ම ඕනිවට වඩා නිහඬයි.. අප්පච්චිට බයේ ගුලි කරගත්තු අත් වලින් මේසේ කොනක් කොනහල්ලන සද්දෙ ඇරුනම මුලු කෑම කාමරේම මහ මූසල විදියට නිහඬයි.

ඒ නිහඬ බවම මගේ කරපිටත් පැටෙව්වේ අනවශ්‍ය බරක් කිව්වොත්... ඒක ඇත්ත.. කමක් නෑ.. ඕනි දෙයක්.  එන දේකට වෙලාවේ හැටියට මූන දෙනවා ඇර මම කියලත් වෙන මොනවා කරන්නද..

අවසාන වතාවටත් සුදූට බැල්මක් දීපු මම ආයෙම මගෙ එකම වස්තුව දිහාවට මගේ ඇස් අරගෙන ආවේ හිතේ තිබුන අනවශ්‍ය බය ඒ මූන දිහා බලලවත් නැති කරගන්න හිතාගෙන උනත්,

මට උනේ වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටිලා ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්න එක!!

වස්සාන හාදු || The Rainy KissesWhere stories live. Discover now