•තිස් නවවන දිගහැරුම•

2K 391 185
                                    

(පටලවගන්නෙ නැතුව කියවන්න හොදේ)
________________________________________________


හිරිවැටුනු සඳ සේයා
නිදිවරපු රෑ මා හා
තනි වෙන්න හදවත් දැන් හිඟයි...


.


.



"හරි හරි තෙමෙනවා.. යමන් ඇතුලට.. සයුරු යන්!"

"ඇයි ඇයි යන්නේ.. මම කියලා ඉවර නෑ.. සයුරු මූ හැමදාම රෑට ර්ම්ම්ම්ස්ස්ස්ස්"

"මෙහෙ වරෙන් මගෙන් මැරුන් නොකා.."

අරූ මගේ සායම සයුරු ඉස්සරහම දිය කරලා අරින්න කලින් උගේ බෙල්ල මගේ වැලමිටට හිර කරගත්ත මම අනිත් අනිත් සයුරුවත් අල්ලගෙන තුන් දෙනා එක්කම විලා එක ඇතුලට එන්න ආවා..

විලා එක ගැන සරලවම කිව්වොත්, ලස්සනයි.. සුවපහසුයි. තට්ටු දෙකක විලා එකේ උඩ තට්ටුවේ බෙඩ් රූම්ස් තුනක් එක්ක ලිවින් ඒරියා එකක්, යට තට්ටුවේ ලිවින් ඒරියා එක, ඩයිනින් ඇන්ඩ් කිචන් ඒරියා එක එක්ක බාතෲම් එකක්.. බෙඩ් රුම් තුනටම ඇටෑච් කරලා හදපු බාතෲම් තුන එක්ක විලා එක ඉස්සරහ හැඩයක් නැතුව හදපු පොඩි පූල් එකක්, එක්ක එතන හරි ලස්සනට තිබුනා.. වුඩ්න් තීම් එකට හදලා තිබුන බිත්ති එක්ක කහපාටින් එල්ලලා තිබුන බල්බ් නිසා එතන තිබුනේ වෙනම වයිබ් එකක්.. ඇත්තමයි. ලස්සනයි.

"ආ මේ එන්නේ.. පිස්සුද අයියා ඇත්තටම මේ හීතලේ දෙන්නා එක්ක වැස්සේ තෙමුනේ."

වැරන්ඩා එක පහු කරන් ගිහින් දොරෙන් ඇතුලට අඩිය තිබ්බා විතරයි සුදූ ඇගට කඩාගෙන පැන්නා.. ඇත්ත. අපි දෙන්නා හිටියේ ඇදුම් ඇගට ඇලෙන තරම් තෙමිලා. එහෙන් සීතලයි. එවුනාට තෙමෙන වෙලාවේ ඒක ගානක් ගියේ නෑ..

"මේ අනිත් එක්කෙනා.. කෝපි එක දීලා අයියව එක්කන් එන්නම් කියලා ගිය මිනිහාව හොයන්න අන්තිමට තව එකෙක් යවන්න උනා මට.."

මුලින්ම සුදූ මට බනිනකොට ඒ මුකුත් ඇහුනේ නෑ වගේ හොර බැල්මක් දාගෙන සුදූව පහු කරන් යන්න ගිය සයුරුව අල්ලගත්ත සුදු කොල්ලටත් කෑහැහුවා.

හැබැයි සයුරු නෙවෙයි මුකුත් කිව්වේ.. අත් දෙකත් ඉනට තියාගෙන මහ අම්මණ්ඩි වගේ කෑගහන පොඩි කෙල්ලගේ හිස් මුදුනේ තිබුන කොන්ඩ ගුලිය අල්ලලා ලෙහපු සයුරු,

වස්සාන හාදු || The Rainy KissesDonde viven las historias. Descúbrelo ahora