•පනස්වන දිගහැරුම•

2.2K 369 588
                                    

"සයුරු

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

"සයුරු....!!!"

මම හිතන්නේ මට කෑගැස්සුනා.. විනාඩි 5කට කොල්ලව එලියේ තියලා බාතෲම් එකට ගිය මම ආයෙම එන ගමන් විසිල් එකකුත් ගගහා ආතල් එකේ ආවත් ඉස්සරහ දොරකඩින් එලියට බැස්ස හැටියෙම දැක්ක දෙයින් මගේ මුලු පපුව හීතල වෙලා යනකොට මම සයුරුට කෑගැහුවා උනත් ඒකා නෙවෙයි මාව තඹේකට ගනන් ගත්තේ..

"බැහු බිමට ඔතනින්.. හැබැයි සුදු මැණික උඹ වැටිලා අණ්ඩක් එහෙම කඩාගත්තොත් මම උඹෙ ඉතුරු අණ්ඩත් කඩනවා හරිද..."

"ඉන්නකො අප්පා කෑනොගහා. ඔයා කෑගහනකොට අර වෙලේ ඉන්නේ හරක් පැටව් ටිකත් බය වෙනවනෙ.. සුදු පුතාට අඹ කන්න ආසාවක් ආවනෙ හදිස්සියේ..."

ඉතින් ඕකයි.. මම ඇතුලට යනකොට පාඩුවේ අඹ ගහ යට බංකුවේ වාඩි වෙලා උන්නු කොල්ලා මම ආයෙම එලියට එනකොට හිටියේ අඹ ගහ මුදුනේ.. ලොකු අත්තක ඉදගෙන හොදට ඉදුනු ලොකු අඹ ගෙඩියක් ගහේ ඉදගෙනම කන ගමන්..

මේ අඹ හැදෙන කාලයක් නොවුනත් අවාරෙට හැදුනු රටඅඹ ගෙඩි දෙක තුන හරි සරුවට හැදිලා තිබුනා.. හරියට මේ කාලේ වෙද්දි ඉදුනු අඹ කන්න දොලදුක් කාරයෙක් එයා ලඟටම එයි කියලා අඹ ගහ කලින් ඉදලම දැනගෙන හිටියා වගේ..!

"ඇයි හදිස්සියේ අඹ කන්න උඹට දොලදුකද ආ සයුරු...?"

මාව සතේකට ගනන් නොගෙන තාමත් අඹ ගහ උඩට වෙලා පාඩුවේ අඹයක් කන සයුරුගෙන් මම එහෙම ඇහුවේ කට ඉරක් කරගෙන උනත් සයුරු දුන්නු උත්‍තරෙත් එක්ක මගේ කට බාගෙට ඇරුනා.

"ම්හුක් නෑනේ ඒයි.. දොලදුක වෙන්න තව්සෙ මට මොනවත් කලේ නෑනෙ අයියේ.. තව ටිකක් බලලා මම තනියම වත් මොනවා හරි කරගන්න කියලා කල්පනා කලේ..!"

වස්සාන හාදු || The Rainy KissesOnde histórias criam vida. Descubra agora