•අටවන දිගහැරුම•

2.1K 385 89
                                    

වැස්ස...
වැස්ස කියන්නෙම නිර්වානයක්...
යටි හිතක හැඟීම් පුබුදුවන අසංතෘප්ත හෝරාවක්...
පොද වැස්සක් තියෙන්න ඕනි ආදරවන්තයන්ට,, දෙකොපුල් තෙත් වෙන උණුසුම් හාදු හුවමාරුවට.
මහ වැස්සක් නම් හොඳයි උනුන්ටම එකිනෙකා මතින් දෙව්ලොව වඩින්න.. දුර ගියෝතින් සතර අපාය පවා මිහිපිට දකින්න..
මොර සූරන වැස්සක නම් හීතලට තුරුලු වෙලා කිටි කිටියේ නිදාගන්න....

ඉතින් වැස්සක් කියන්නෙම ප්‍රේමණීය හදවත් වලට රංග මණ්ඩපයක්...
වෙද්දි,,
ප්‍රේමයෙන් විඩාපත් හදමඩුලකට කවිකාර විරාමයක්.. වේදනාබර අසිනියක්...

ඒත් මේ වෙලාවේ මේ හෙනගහන වැස්ස නම් අම්මපා මට මහම කරුමයක්!!

අර අකේන් කියන බේසමා මට බලාගන්න පොඩි එකෙක් බාරදුන්නා මදිවට ඌ ලඟ කුඩයක් නෑ කියල මං අරන් ආව කුඩෙත් කෙලගෙන යන්න ගියා.. ඌටයි කලිඳුටයි අනිත් වෙන්ඩ ප්‍රිෆෙක්‍ට්ලා ඔක්කොටමයි ඉන්න උන් සෙට් එකටයි වෙන ඉස්කෝලෙකට යන්න උනා අද..

ඉතින් දැන් මං මේ මහ වැස්සේ බලාගන්න බාරදුන්න පොඩි එකා එනකන් ගාඩ් රූම් එක ඇතුලට වෙලා බලාගෙන ඉන්නවා. එලියට බහින්න කුඩයක් එපෑ..

සුදුත් උදේම වැස්ස නිසා එන්න බෑ ගෙදර ඉදන් පාඩම් කරන්නම් කියල ගෙදර නැවතුනා. අනේ ඕකි ගෙදර නැවතිලා කරන පාඩම්.. මෙලහට තාමත් පස්ස උඩ දාගෙන නිදිද දන්නෑ.. ගිහින් අහන්නෝනි පාඩම් කරපුවගෙන් ප්‍රශ්න.

"අයියේ"

සුදූගෙ කල්පනාවෙ හිටපු මං පියවි සිහියට ආවෙ පිටිපස්සෙන් ඇහුන කටහඩට..

අකේන් සයුරුට දවල් කියලා තිබුනා ගාඩ් රූම් එක ලඟට එන්න කියල... ඉතින් මං එතනට වෙලා බලාගෙන හිටියා. ඉන්නකොට ඉතින් ඔය ආවේ...

කටහඩ ඇහුනම මං හැරුනා. තනි කෙනෙක්ට යන්න පුලුවන් කුඩයක් ඉහලගෙන ඇස් දෙක උස්සගෙන බලාගෙන ඉන්නවා මගේ දිහා. ඇයි ඉතින් කොටයිනේ. කෙලින් බලන්න බෑ එයාට මගෙ දිහා.

"යන්ද අයියේ"

යන්න තිබුනා නම් මාත් ආසයි මල්ලි.. එවුනාට ඉතින් හබරල කොලයක් ඉහලගෙන යන්නද බං ?? කියල අහන්න හිතුනත් මං ආයෙ කට පියාගත්තා.. සුදු මූන බලාගෙන අවකැපෙන කතා කියන්න මගෙ වාචාල කට නිකන් බෑ බෑ කියනවා වගේ. අනේ මන්දා ඕනි ලබ්බක්..

වස්සාන හාදු || The Rainy KissesWhere stories live. Discover now