•විසිනවවන දිගහැරුම•

2.4K 417 303
                                    

"ස්ස්ස්.. ම්හ්ම්... ආර්හ්හ්"

කටින් පිටවෙන්න යන හීනි කෙඳිරියත් එක්කම යටි තොල දත් දෙකකින් හපාගත්තු මම මගේ අතේ වේගේ තවත් ටිකක් වැඩි කරන ගමන් ඔලුව තියන් උන්නු කොට්ටෙටම තවත් ටිකක් මගේ ඔලුව බර කරගත්තා..

මම උන්නේ දාඩිය නාලා.. වෙලාව රෑ 9ත් පහු වෙලා. පැය බාගයකට කිට්ටු කාලයක් තිස්සේ කරගෙන ආව මහ විසාල රාජකාරියේ අවසානෙට ලං වෙලා උන්නු මගේ ඇස් කොන් වලට පේන ලැප් ටොප් ස්ක්‍රීන් එකේ මේ වෙලාවේ ප්ලේ වෙන්නේ මොකක්ද කියල මං අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ.

ලැප් එකටම කනෙක්ට් කරලා තිබුන හෙඩ්සෙට් දෙකෙන් ඇහෙන ඇනිමි අක්කෙක්ගේ විලාපෙත් අහගෙනම මං ලෑස්ති වුනේ මේ වැඩේ ඉවරයක් කරන්න. ඕනි නම් තව විනාඩි දෙකක් මේ විදියට ඇදගෙන යන්න පුලුවන් වෙයි!

ඉතින් මං අර ජීවිතේම එපා වුන හැඟීම විදින්න බලාගෙන ඇස් දෙකත් පියවගත්තා.. උනත් පියාගත්තු ඇස් දෙක මහ වෙලාවක් පියවිලා නොතිබුනා.

ඇස් දෙක පියාගත්තු හැටියේ මට පෙනුනේ එයාව. ඒත් කමක් නෑ! ඒත් ඒ පෙනුන විදිය! එයා හිටියේ මේ දැන් මං බල බල හිටපු පෝර්න් එකේ කෙල්ලගෙ තැන. එයාගෙ උඩින් හිටියේ මම!

මොන ලබ්බක්ද ඒ ?

මට දැනුනේ මාත් එක්කම කේන්තියක්... ඉතින් ඕනි ලබ්බක් කියල අතේ තිබුණ භාණ්ඩේ එහෙමම පැත්තකට විසි කරපු මම අත් දෙකෙන්ම මගේ කොන්ඩේ ඇදගත්තා. වේගෙන් ගැහෙන පපුව සන්සුන් කරගන්න හිතාගෙන ඇස් දෙකත් තදින් පියාගත්තු මම එහෙමම ඉදන් කල්පනා කලා.

මං ඇදේ හිටියේ සම්පූර්ණ නිදිවස්ත්‍රෙන්. ඇදගෙන ඉදලා ගලවලා දාපු ශොර්ට් එක ඇදේ පැත්තකම රෝල් වෙලා තිබුනා.. ඇත්තටම මං කාලා ආවේ පාඩම් කරන්න. ඒත් පුරුදු අත් අරින්න පුලුවන් කමක් නැති කමට වගේම ඔලුව සැහැල්ලු කරගන්න ඕනි කමට මං මගේ පුරුදු රාජකාරිය ඉවර කරලම පාඩම් කරන්න හිතන් ලැප් එක ඔන් කරගෙන මේ වෙද්දි පැය බාගයක්!

අද සෙනසුරාදා.. අනිද්දා ආයෙම ඉස්කෝලෙ පටන් ගන්නවා. මුලු සති තුනන් පුරාවට හුස්මක් කටක් ගන්න නොදී ක්ලාස් දාපු සර්ලා අන්තිම සතිය නිවාඩු දීපු නිසා මං දැන් දවස් 5කින් එයාව දැකලා තිබුනේ නෑ.

වස්සාන හාදු || The Rainy KissesWhere stories live. Discover now