"කොහෙද බල්ලො ඉන්නේ"
"මොකද බං උදේ පාන්දර මැරෙන්ඩ හදන්නේ.. හිටපන් මේ ක්ලාස් එක පේන තැන ඉන්නෙ"
"හා එහෙනම් වරෙන්කො මට පම්ප් එකක් දාන්නත් යන්න ඕනි"
"ඇයි උඹ ඒක කරන්නෙ මගෙ එකෙන්ද.. කුනුහරප නොකිය පලයන්.. මං එන්න තව විනාඩි 5ක් විතර යයි"
මේ දැන් ක්ලාස් එක පේන මානෙ ඉන්නවා කියපු එකා උගෙ එකෙන් නෙවෙයි නෙ මං ඒක කරන්නෙ කියන ගමන් ඌ එන්න තව විනාඩි 5ක් විතර යයි කියනකොට තමා මට තේරුනේ.. ශුවර් එකටම මූ තාම ඉන්නෙ ඇදේ.
මොකද නිදි පැදුරෙ ඉදන් උනත් අදාල තැනට ඇවිත් ඉන්නේ කියන්න පුලුවන් මහ පජාත හැකියාවක් හැම කොලු පරානෙකටම අඩුවක් නැතුව ලැබිලා තිබුනා..
එවුනාට අකේනයා... ඕකා පකයා.. බොරු හලනවා කටේ ගෑවෙන්නෙ නැතුව. ඌට වැඩක් නෑනේ මට බොරු කියන්න! රෙද්ද!"ඇත්ත කියපන් උඹ දැන් නේද නැගිට්ටේ"
"පිස්සුද පගෝ මං මේ දැන් කහ ඉර ලඟ ඉන්නේ.... තව විනාඩි දෙ-"
මං හිතන්නේ අකේනයා හැදුවේ තව විනාඩි දෙකයි කියන්න උනත් ඌට නෙවෙයි ඒක කියලා ඉවර කරගන්න හම්බුනේ.
"නැගිටපන් කොල්ලෝ.. මං දැන් කීයෙ ඉදන්ද උඹට ඇහැරවන්නේ.. ආ පුතේ උඹ අද ක්ලාස් යන්නෙ නැද්ද ඇත්තටම...?
පසුබිමින් ඇහුන ගාන්ඨාර සද්දෙට කෝල් එකේ මෙහා පැත්තෙ හිටපු මගේ කනත් කීන් ගෑවා.. හැබැයි,
"ඈ බල්ලෝ උඹ දැන් ක්ලාස් එක පේන තැන නේද ඉන්නවා කිව්වේ...!"
අකේන්ගෙ අම්මා නැත්තම් මතක කාලෙ ඉදන් මගෙ චූටි නැන්දා තාමත් නිදාගෙන ඉන්න අකේනයාව කන්න යනකොට, කියපු බොරුව අතේ පැලවුන මමත් මේ පැත්තෙ ඉදන් ඌව කන්න ගියා..
"අයියෝ යන්නකො අම්මේ වැඩෙ කෑවනේ අප්පා ඔයා ඇවිත්..!"
"යන්න! යන්න තමා නැත්තම් මං උබේ මේ බිංගේ අස්සේ පැලවෙන්න ආවෙ නෑ.. ඇත්තමයි සුදු පුතේ තව පාරක් කියන්න කලින් ගිහින් ලෑස්ති වෙයන් ඈ.. උඹලට කහන සල්ලි පන්ති වලට දෙන්නෙ නෑනෙ.. තාත්තා දුක් මහන්සි වෙලා ඕවා හොයන්නේ"
මං කියන්නෙ බොරුද.. කොයි ගෙදරත් එකම ටේප් එක.. මොනා උනත් මමත් කෝල් එක කට් නොකර අරූ බැනුම් අහන හැටි අහගෙන වෙනම ආතල් එකක් ගත්තා.. මං අහගෙන මගෙ හොද කිය කියාත් අරූට දෙසනවා.. අනේ යසයි! මං ඕකාට කිව්වා මගෙ දිහා බලාගෙනවත් හැදියන් කියලා.. කෝ ඇහුවද? නෑ!
YOU ARE READING
වස්සාන හාදු || The Rainy Kisses
Fanfictionමේ දඩබ්බර හිතකට අයිතිවාසිකම් කියූ අවිහිංසක හිතක ආදර කතාවක්....