"සුදු මහත්තයව ගන්න කීයට වගේ ආවම ඇතිද සුදු මහත්තයා..."
අකේන්ගේ ගේ ඉස්සරහා නවත්තපු වාහනෙන් බහින්න ගිය මගෙන් සෝමේ මාමා ඒ අහනකොට වාහනේ දොරත් ඇරපු මම එහෙමම ආයෙත් නැවතුනා..
"මම කෝල් එකක් දෙන්නම් මාමා. කොහොමත් පැය තුන හතරක් යයි"
"හා එහෙනම්.... ලොකු මැනිකේ-"
"අම්මා ඇහුවොත් කියන්නකො මාමා මම මෙහෙ ආවා කියලා.."
"හ්ම්ම්.. පරිස්සමෙන් පුතේ..."
මම බැහැලා එන්න ආවා.. මේකයි. මම තකහනියේ ගිනි කාලා වගේ එන්න ලෑස්ති උනාට අම්මා වත් අප්පච්චි වත් ගෙදර නොහිටිය නිසාම මම මගේ කීමට සෝමේ මාමාවත් උස්සගෙන වාහනේම මෙහෙ ආවා.. ඉතින් හදිසියේ හරි මම ගෙදර නැති වෙලාවේ අම්මා ගෙදර ආවොත් නොකියා ගියාට කෑගහයි කියලා සෝමේ මාමා බය වෙන්න ඇති.. ඒත් අපේ ගෙදර අම්මා වත් අප්පච්චි වත් එහෙම ලේසියකට වැඩ කරන කාටවත් කෑගැහුවේ නෑ. මට නම් ඇහිලම නෑ.
සෝමේ මාමා කියන්නේ අවුරුදු 60ක විතර වයසක හරි කරුණාවන්ත හිතක් තියෙන මනුස්සයෙක්. ගෙදර කාටහරි කොහෙහරි යන්න ඕනි නම් අප්පච්චි ඇරුනම වාහනේ ඩ්‍රයිව් කලේ මේ සෝමේ මාමා. එවුනාට අපේ ගෙදර කිසිම කෙනෙක් කවදාවත් ඒ මනුස්සයට ඩ්‍රයිවර් කියන පට්ටම දුන්නෙ නෑ.. මම මාමා කියලා කතා කරනකොට ඒ මනුස්සයා මට පුතේ කිව්වා. අම්මා අප්පච්චි දෙන්නම එයාට සෝමේ අයියා කිව්වා. ඒත් අර ගෞරවේටද මන්දා සෝමේ මාමා කවදාවත් අම්මට අප්පච්චිට ලොකු මැනිකේ ලොකු මහත්තයා කියලා කතා කරන්න අමතක කලේ නෑ...
"ආ උඹ ආවද.. එහෙනම් දෙන්නත් එක්ක තියෙන දෙයක් කාලා ඕනි දෙයක් කරගනින්කෝ මම යනවා කලිඳුලා ගෙදර.. උඹලා දෙන්නා පාඩම් කරන්නෙත් නැති එකේ මමවත් පාඩම් කරන්නෙපෑ"
වාහනේ ආපිට හරවන් යන්න යනකොට අකේන්ලගෙ ගෙදර ගේට්ටුව ඇරගෙන ඇතුලට ආව මට ගේට්ටුව වහන්න උනේ නෑ.. ගේ දොරකඩ හිටගෙන උන්න පාත්ත පැටියා තප්පුලන්න ගත්තා..
ඒත් පොඩ්ඩක් හිටහන්!
"මම ආවා කියලා උඹ මොකද අරූගේ ගෙදර දුවන්නේ... ඇයි වෙනදටත් මම මෙහෙ ආවම උඹ වෙන කොහෙවත් ගියාද..? අනික පාඩම් කරන්න ඇයි මේ ගෙදර ඉඩ නැද්ද.."
ESTÁS LEYENDO
වස්සාන හාදු || The Rainy Kisses
Fanficමේ දඩබ්බර හිතකට අයිතිවාසිකම් කියූ අවිහිංසක හිතක ආදර කතාවක්....