80🤍

1.7K 277 244
                                    

"සුදු මහත්තයා.."

"එන්න අම්මේ.."

දොර රෙද්දෙන් එපිට ඉදන් මට කතාකරපු අම්මගෙ කටහඬත් එක්ක කර කර හිටි වැඩෙන් ඔලුව උස්සපු මම අම්මට එහෙම උත්තර දෙනවත් එක්කම අම්මා අපේ කාමරේ ඇතුලට ආවා.. ඒ අත් දෙකේ තිබුනේ සයුරුගෙයි මගෙයි මග් දෙක.

ඇතුලට ආව අම්මට හිනා වුනු මම ආයෙත් මම අයන් කර කර හිටපු ඇදුමට අවදානය දෙනකොට අතේ අරන් ආව තේ කෝප්ප දෙක අම්මා මේසෙ උඩින් තියනවා මම ඇස් කොනින් බලාගෙන...

"කෝ සුදුපුතා..."

එහෙම අහගෙනම අම්මා මගේ ලඟට ආවා.. මම හිටියේ අයන් බෝඩ් එක ඉස්සරහා හිටගෙන..

"බාතෲම් එකේ අම්මේ.. දැන් එයි."

"ම්ම්.. කෝ ඕක මෙහාට දෙන්නකො.. මම මැදලා දෙන්නම්.. පුතා ගිහින් අර තේ එක බොන්න.."

"නෑ නෑ.. මම මැදගන්නම්.. අම්මා ඉන්නකො ඉදගෙන... අනික දැන් ඉවරයි.. තව පොඩ්ඩයි"

අම්මට එහෙම කියපු මම මැදලා ඉවර කරපු සයුරුගේ සුදු ශර්ට් එක රැක් එකෙන් එල්ලන ගමන් පැත්තක තිබුනු මගේ සුදු ශර්ට් එකක් අරන් අයන් බෝඩ් එක උඩින් තියාගන්නත් මම කිව්ව පලියට අම්මා නෙවෙයි ගිහින් ඉදගත්තේ...

මම කෙලින්ම මගේ වැඩේට අවදානය දෙනකොට අම්මා මගේ ලඟ හිටගෙන මගේ දිහාම බලාගෙන ඉන්න විත්තිය මම හොදටම දැක්කත් මම ඒ නොදැක්ක ගානට දිගටම මගේ ශර්ට් එක අයන් කරන්න ගත්තා..

හෙට සයුරුට එක්සෑම් පටන් ගන්නවා. අපි දෙන්නාගෙන් කෙනෙක් වත් නොහිතුව විදියට උදේ පාන්දරම අම්මා මෙහෙ ඇවිත් හිටියේ කුකුළත් අතින් අරගෙනමයි.. නොකිව්වට අම්මා එනවනම් කියන බලාපොරොත්තුව මගේ හිතේ ලොකුවටම තිබුනා..

කොච්චර උනත් කොල්ලට එලියට බහින්න කලින් අම්මෙක්ගෙ අතින් වතුර උගුරක් පොවාගෙන ආශිර්වාද ගන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද! කොච්චර හයියක්ද.. ඒ තරම් හිතට ශක්තියක් වෙන කොහෙන්ද නේද!

අම්මා ආවෙත් මගෙ කොල්ලා නිසාමයි කියන එක මගේ යටිහිත හොදාකාරවම දැනන් උන්නා..

මම මගේ අම්මට පණතරම් ආදරේ වෙන්න තව හේතුවක් ඒක... එයා කොයි දරුවටත් තමන්ගේ දරුවට වගේ සලකන එක..
මගේ ලඟ හිටගෙන බලාගෙන හිටිය අම්මගෙ ඇස් වලින් පහලට වැටුනු පුන්චි කඳුලු කැට කීපයක් ඒ කම්මුල් තෙමන බව මම දැක්කේ මගේ ශර්ට් එකෙන් බාගෙකටත් වඩා මැදලා ඉවර උනායින් පස්සේ...

වස්සාන හාදු || The Rainy KissesWhere stories live. Discover now