•පහලොස්වන දිගහැරුම•

2.2K 408 243
                                    

දවස් දෙකකින් පස්සේ ගෙවෙන තුන්වෙනි දවසේත් දෙයියනේ කියල මට සිද්ද උනේ ආෆ්ටර් ස්කූල් නවතින්න වෙද්දි පහුවුන දවස් දෙකම මම, මිගාර, ප්‍රදීප් සර් වගේම කෝච් සර්ගේ රාජකාරිය උනේ කම්පෙටිශන් එකට දක්ශම ලමයි තෝරන එක උනා..

එක එක ඉවෙන්ට් වලින් එක එක වයස් කාණ්ඩ වලින් ලමයි තෝරන වැඩේටම දවස් දෙකක් වියදම් වෙලා තිබුනා වගේම මේ වෙද්දි මගේ අතේ අපි තෝරපු ලමයින්ගේ නම් ලිස්ට් එකක් ඉතුරු වෙලා තිබුනා.

අද ඉදන් ඉතින් තියෙන්නේ දෙයියනේ කියල දකුණු පය පෙරට තියලා ප්‍රැක්ටිස් පටන් ගන්න. තව දවස් 15කින් කම්පෙටිශන් එක. ඕකට ඉතින් තේරුනු ඉස්කෝල වල ඉන්න හොඳ ලමයි එයි! එයි නෙවෙයි එනවා.. ලොකුමට කියනවා නෙවෙයි.. ඒත් මෙච්චර කාලෙකට තිබුනු මං සහභාගී උන හැම  interschool swimming competition එකේම මගේ ඉවෙන්ට් එකෙන් මං වින් කලා.. නිකන් නෙවෙයි. ගෝල්ඩ් මෙඩ්ල් එකම. ඉතින් මේ සැරෙත් අනිවාර්යයෙන් මං මගේ උපරිමේ උත්සාහ කරනවා.. අනික මේ තමයි මගේ අවුරුදු 13ක ඉස්කෝලෙ ජීවිතේ මට ඉන්න තියෙන අන්තිම තරඟේ....

කල්පනාව පිටම ඉස්කෝලෙ ප්‍රෙස් එකට ආව මම අතේ අරන් ආව පෑනෙන් නම් ලියලා තිබ්බ කොල ටික ප්‍රෙස් එකේ උන්නු මිස් අතට දුන්නා. දීලා ඒ ටික ප්‍රින්ට් කරලා ඉල්ලුවා..

වෙලාව දවල් 2ටත් කිට්ටුයි.. එයා කොහේ ඉන්නවද දන්නෙ නෑ. මේ වෙද්දි බස් එකේ ඇති.. ඇත්තටම දැන් දවස් තුනකින් මං එයාව හරියට දැක්කෙම නෑ. දැක්කත් කතා කරන්න උනෙත් නැති කොට දවසට මැසේජ් එකක් දෙකක් දෙපැත්තට හුවමාරු උනා ඇරෙන්න අපිට මැසේජ් වලින් කතා කරන්න දේකුත් නොතිබුනා..

පහුගිය දවස් දෙකත් ආෆ්ටර් ස්කූල් උන්නු මං ගෙදර යද්දිම වෙලාව රෑ 7ට කිට්ටු කරලා තියෙද්දි පහුවදාට තියෙන සබ්ජෙක්ට් එකට ලෑස්ති වෙන්න පවා මට වෙලාවක් නැති උනා.. පුලුවන් තරම් එහෙන් මෙහෙන් පොතක් බලාගත්ත මට ඉතුරු වෙලාව මහන්සියටම නින්ද ගිහින් තිබුනා..

එයාගෙ කල්පනාවෙ උන්නු මගේ අතට විනාඩි දහයකට විතර පස්සේ කලු පාට තීන්තෙන් සුදු පාට කොලේ උඩ අකුරු ප්‍රින්ට් උන කොල කීපයක් ලැබුනා.

වස්සාන හාදු || The Rainy KissesWhere stories live. Discover now