•දාහත්වන දිගහැරුම•

2K 419 167
                                    

හුස්ම ගන්නවත් නිදහසක් නොතිබුනු දවස් 15කට පස්සේ ආව සිකුරාදා මම නිකන් නැට්ට ගිනිගත්ත හනුමන්තා වගේ උදේ ඉදන් දවසම එහාට දිව්වා.. මෙහාට දිව්වා..

කම්පෙටිශන් එක ඕර්ගනිස් කරලා තිබුනෙම අපේ ඉස්කෝලෙ වෙනකොට ස්කූල් ස්විමින් ක්ලබ් එකේ ප්‍රසිඩන්ට් වගේම සීනියර් ප්ලේයර් කෙනෙක් උන මට කට මට්ටමටම වැඩ වැටුනා.

"මිගාර ගෙස්ට්ලාගෙ වැඩ ටික හරිද.. කෑම බැලුවද"

"අයේශ් මෙඩිකල් යුනිට් එක රෙඩිද"

"සුපුන් අර මයික් දෙකක ප්‍රශ්නයක් තිබුනේ ඒක හරිද.. මීඩියා යුනිට් එකේ සේරම ලෑස්ති නේද"

"අකේනයා මේ උඹ පිංගුත්තරය වගේ ගිල ගිල ඉන්නෙ නැතුව තියෙන වැඩක් බලලා කරන එකෙක්ට උදව් කරපන් ඈ"

"කලිඳු පොල් තෙල් පහනේ වැඩ ටික මොකද වෙන්නේ"

මගේ කටේම තිබුනේ ඔය ටික.. වැඩ හැම එකක්ම කාටම හරි කෙනෙක්ට වගකීමෙන් කරන්න බරදීලා තිබුනත් මගේ ක්ලබ් එක මූලික වෙන වැඩක් නිසාම එක දශමෙක වත් වැරැද්දක් වෙනවට අකමැති මම හැමදේම හොයලා බැලුවා.

ආයෙත් සැරයක් එහෙටත් දිව්වා මෙහෙටත් දිව්වා.. පාන්දර 6 ඉදන් ඉස්කෝලෙට ආව මම එලියේ ඉස්කෝලෙ වලින් ලමයි එන හැටි, අපේ ඉස්කෝලෙ ඒ ලමයින්ගෙන් පිරෙන හැටි බලාගෙන හිටියා.. බලාගෙන නිකන් හිටියේ නෑ වැඩ කලා..

ප්‍රදීප් සර්ගේ කටට මගේ නම ඇරුනම වෙන නමක් මතක් නොවුන තැන හැම විනාඩි 5කට සැරයක්ම මොකක් හරි හේතුවකට හසරැල්ල්ල්ල්ල් ගෑවා.. මං කර කර උන්නු වැඩේ දාලා දුවන් ගියා.. ආයෙම වයිස් පිනෙක් එනවා.. "හසරැල් දන්නවනේ. කිසිම අඩුපාඩුවක් වෙන්න බෑ" කියනවා යනවා.. ආයෙම තව වයිස් පිනෙක් එනවා.. "හසරැල් ප්‍රින්සිපල් සර් කිව්වා වගේම සේරම තියෙනවා නේද".. අහනවා යනවා..

සැරින් සැරේම ඔය ටිකම කියව කියව යනකොට "තියෙනවා යකුනේ තියෙනවා" කියල කියන්න කට නලියෑවත් අර ගෞරවේ නිසා කටපියාගෙන උන්නු මම කකුල් රිදෙනකන් එහෙට දිව්වා මෙහෙට දිව්වා.. දුවන මුවන් වගේ!

කොහොම හරි දත කාලා දත කාලා උදේ නවය හමාර වෙනකොට සේරම පටන් ගන්න අනවුන්ස් කරන්න ගද්දි ආව චිෆ් ගෙස්ට් එක්කලා ප්‍රින්සිපල් සර් එක්ක තව කීප දෙනෙක්ම පොල් තෙල් පහන පත්තු කලා.. අවසානෙට ස්කූල් ක්ලබ් ප්‍රසිඩන්ට් උන මමත් එක්ක පිටින් ආව ඉස්කෝල නියෝජනය කරන්න මම වගේම ඒ ඉස්කෝලෙක ස්විමින් ක්ලබ් ප්‍රසිඩන්ට් කෙනෙකුත් පොල් තෙල් පහන පත්තු කරලා අවසානේ අපේ ඉස්කෝලෙ පාසල් ගීයත් එක්ක ජාතික ගීයත් කියලා ඒ වැඩ ටික ඉවර කලා.. මොකද තිබුනේ අපේ ඉස්කෝලෙ නිසා..

වස්සාන හාදු || The Rainy KissesWhere stories live. Discover now