•පනස් හතරවන දිගහැරුම•

1.6K 366 316
                                    

කොට්ටෙ යට තිබුන ෆෝන් එක අරන් වෙලාව බලපු මම ආයෙම ඒක කොට්ටෙ යටටම විසි කරන ගමන් කකුල් දෙක විතරක් වැහෙන්න දාගෙන ඉදිය බෙඩ්ශීට් එක කකුල් දෙකෙන්ම ගසලා විසික් කරපු පාරට බෙඩ්ශීට් එක ඇදෙන් පහලට වැටුනත් මම නෙවෙයි ඒක ගනන් ගත්තෙ..

ඔන්නෝහෙ උදේටවත් අහුලගන්නවා....

වෙලාව මහ පාන්දර 12යි 47යි. තාමත් මගේ කාමරේ බැල්කනි එකට ඇරෙන ලොකු වීදුරු ජනෙල් පියන් දෙකෙන් එකක් ඇරලා දාලා තියෙනකොට සෑහෙන වෙලාවක් තිස්සේ මට තිබුන නිදාගන්න උවමනාවට මම එකපාරක් ඇදේ මෙහාටත් පෙරලුනා. ආයෙම එහාටත් පෙරලුනා. බැරිම තැන කකුල් දාන පැත්තට ඔලුව දාගෙන කොට්ටෙ අරන් මූනට උඩින් තියාගත්තා. ආයෙම කකුල් දෙක බිත්තියට තියාගෙන බැලුවා.

ම්හුක්. ඔහෙ නෑ...

මම දන්නෙ නෑ මට නින්ද නොයන හේතුව. ඒ මොකක් උනත් තාමත් ඇරලා දාලා තිබුන ජනෙල් පියන හරහා කාමරේ ඇතුලට හමාගෙන ආව වියලි හුලඟ මගේ කොන්ඩ ගස් අව්ස්සගෙන යන්න යනකොට මම ඕනි මගුලක් කියලා ආයෙම ඇදෙන් නැගිට්ටා...

මට මතක කාලේ ඉදන් මම රෑට මගේ කාමරේ ජනේල් පියනක් ඇරලා තියනවා. ඒකටත් මම හරි හේතුවක් කියන්න දන්නෙ නෑ. සමහරවිට වෙල පැත්තෙන් එන ඒ හීතල උනත් වියලි හුලඟට මගේ හිත ආස උන නිසා වෙන්න ඇති.

කෙනෙක්ට කියන්න පුලුවන්.. ගෑනු ලමයෙක් නේද.. රෑට ඔහොම ජනෙල් දොරවල් ඇරගෙන නිදාගන්න හොදද. යක්කු පෙරේතයෝ බැල්ම දානවා ඕවාට.. අනන් මනන් කතා දාහක් කියයි. ඒත් අද වෙනකන් දෙයියනෙ කියලා මට ගහපු යකෙකුත් නෑ.. කලු කුමාරයෙකුත් නෑ.

එකත් එකට කලු කුමාර ඩෑල් එකත් දන්නවා ඇති.. මගෙ ලඟට ආවොත් මම ඌටත් රීරි යකා හරි සෙට් කරලා තමයි පස්ස බලන්නෙ කියලා. බැරිම උනොත් මම ඕකාව අල්ලලා අපේ අයියා මෝඩයට හරි සෙට් කරලා දානවා..

ම්හුක් පාඩු නෑනෙ අප්පා.. ගෙදර ඉදන්ම බීඑල් එකක් බලාගෙන ආතල් එකේ ඉන්නනෙ තියෙන්නෙ එතකොට!

විකාර දාහක් හිතහිත බැල්කනියට ආව මගේ විකාර හිතිල්ලට එහෙමම තිත තියෙවෙනකොට මටත් බර තරමේ මහ බර හුස්මක් මගෙන් පිටවුනා.. මොනවත් නිසා නෙවෙයි,

වස්සාන හාදු || The Rainy KissesWhere stories live. Discover now