•තිස් එක්වන දිගහැරුම•

2K 422 202
                                    

මගේ හිතට ආව පලවෙනි ප්‍රශ්නෙ එහෙමම පැත්තක විසි කරපු මම නෑකම් යකාට ගියාවේ කියලා හිතන ගමන් ඊලඟ තප්පරේම අකේන්ගේ පැත්තට හැරුනා..

"අකේන්.. උඹට මොනාහරි මේ ගැන කියන්න තියෙනවද!"

ඌ බිම බලාගත්තා. මං කෙලින්ම අකේන්ගේ ඇස් දිහා බලාගෙන මොනා හරි කියන්න තියෙනවද අහනවත් එක්කම වැරැද්දක් කරපු පොඩි එකෙක් වගේ ඇස් දෙක හදාගත්ත අකේන් බිම බලාගත්තා.. මේසෙ උඩ තිබුන මගේ අත් දෙක ආයෙම මිටමෙලවුනා.

සයුරුගේ තාත්ත තාමත් අකේන්ගේ තාත්ත එක්ක කතාවක වෙනකොට සයුරුගේ අම්මා අකේන්ගේ අම්මා එක්ක මොනවටද මන්දා හිනාවෙවී හිටියා..

උන් සේරම නෑදෑයොලු! එතකොට... එතකොට අකේන් සයුරුගේ නෑදෑයෝ නම් අකේන් ඇයි සයුරුව දන්නෙ නෑ වගේ මගේ ඉස්සරහ රඟපෑවේ? මතක දා ඉදන් ඌ එක්ක එකට ඉන්න මම කොහොමද සයුරු ගැන නොදන්නේ.. ඒ සේරම පැත්තක තියමු.. කමක් නෑ.. ඇයි අවුරුදු 18ක් තිස්සේ එකට ඉන්න මට අකේන් බොරු කලේ? මොන හිතකින්ද ඌ එහෙම කලේ.. මට ප්‍රශ්නයක් නෑ සයුරු ඒ විදියේ බොරුවක් කරපු එක. ඒත්.. ඒත්.. අකේන්.. ඒ හුත්තිගෙ පුතාට තිබුනා මට ඇත්ත කියන්න.. මං ඌව විශ්වාස කලා. මගේ ඇස් දෙකට වැඩිය අවුරුදු 18ක යාලුකම මම විශ්වාස කලා. මගේ හිතේ අකේන් ගැන තිබුනේ යාලුකමක් නොවෙනකොට ඌ මට මගේ සහෝදරයෙක් වුනා. එහෙව් එකා මෙච්චර ලොකු බොරුවක් කලා කියල දැනගත්තම... මට මොනා හිතෙන්න ඕනිද! මං කොහොම ඒකට ප්‍රතිචාර දක්වන්න ඕනිද කියන එක මං දැනන් හිටියෙ නෑ!

මට එක මොහොතෙම එකක් කියල තෝරගන්න බැරි හැඟීම් ගොඩක් දැනුනා.. දුක, කේන්තිය, කලකිරීම, වේදනාව...

අකේන් බිම බලාගත්තත් එක්කම මිටමෙලවුන අත් දෙක මේසෙට තද කරපු මම හැදුවේ එතනින් නැගිටලා යන්න. මොකද මට මාවම විශ්වාස නැති උනා. තව මෙතන හිටියොත් අකේන්ගේ මූන මැද්දට දෙකක් අනියි කියන බයටම මං ඉදගෙන උනනු තැනින් නැගිට්ටා..

තමන්ගේ හතුරෙක් බෙල්ල කැපුවත් රිදෙන්නෙ නෑ හොදම යාලුවාගෙන් වෙන පුංචිම වෙනස්කම තරම්!

යන්න නැගිට්ටත් මට එක අඩියක් තියාගන්න බැරි විදියට තාමත් මේසෙ උඩ තිබුන මගේ අත සිනිදු අතකට හිරවුනා.. විතරයි මං මගෙ අත දිහා බලලා මාව නවත්තපු අතේ අයිතිකාරයා දිහා බැලුවා..

වස්සාන හාදු || The Rainy KissesWhere stories live. Discover now