•තිස්වන දිගහැරුම•

2.2K 413 260
                                    

බලාගෙන ඉන්නකොට මිගාරයගෙ මූන නිකන් රේල් පීල්ලට අහු වුන කජු ලෙල්ල වගේ වුනා. සයුරුගේ අම්මා ලඟම උන්නු සයුරුගෙ තාත්තාගේ දෙබැම රැලි වැටුනත් වටේම කට්ටිය උන්නු නිසාද මන්දා ඒ වයසක මනුස්සයා මුකුත් නොකියම සිද්ද වෙන දේ දිහා නිහඬව බලාගෙන හිටියා. 

ඉතින්,
ලස්සනට හිනාවුන උදුම්බරා අම්මා සයුරුගේ පිටෙන් අත තියන ගමන් මගේ දිහාවට එන්න යාන්තමට තල්ලුවක් දාද්දි,
අර දැන් පායපු පසළොස්වක හඳ වගේ තියෙන පිංපාට මූනෙත් හරි ලස්සන හිනාවක් ඇඳෙන විදිය ලෝබ කම වෑස්සෙන ඇස් දෙකෙන් මං බලාගෙන උන්නා.

තවත් තප්පර දෙක තුනකට පස්සේ මගේ හඳ උන්නේ මගේ ලඟ. එයා ලඟට එනකොටම පුටුවෙන් නැගිටපු මම ඒ සුදු රෝස පාට ඇගිලි තුඩු වලින් මගේ කට ලඟට කරපු කේක් කෑල්ලෙන් චූටි කෑල්ලක් කෑවා.. කන ගමන් ඒ සිනිදු කොන්ඩේ අවුස්සනකොට එයා හිනාවුනේ හරියට පුන්චි කුරුලු පැටියෙක් වගේ.

මං දන්නවා, අපි දෙන්නා අතර පරතරේ අවුරුද්දයි කියලා. අවුරුද්දකුත් නෑ.. මාස 9යි. ඒත් අනේ මට මේ කොල්ලව පේන්නේ හරි චූටියටනේ!

මං එයාව අදුනගත්ත දා ඉදන්, ඒ බෝල ඇස් ගැන මගේ හිතේ හැඟීමක් ඇති වෙන්න පටන් ගත්තු කාලෙ වත්, මේ දැන් මම මගෙ මුලු හිතින්ම එයාට ආදරේ කරන මොහොතෙවත්, කොයිම වෙලාවකවත් මට හිතිලා නෑ... මේ ඉන්නෙත් මම කරන කියන හැමදෙයක්ම කරන්න පුලුවන් කොල්ලෙක්නෙ කියන එක කවමදාවත් මට දැනිලා නෑ.

"රසයි..."

ඇත්තටම ඒක රසයි. එදා එයා දුන්නු එක වගේ නෙවෙයි.. වෙනස් රසක්!

"මගෙ නෙවෙයි.. අම්මගේ"

ඉතින් ඒ අම්මා හදපු කේක් එකක් ලු. මං කියන්නේ නිකන්ද.. පුතා කියන්නෙ අම්මගේ කොපිය. ජෙන්ඩර් එක වෙනස් වෙලා විතරයි.. මම රසයි කියනකොට මගේ නෙවෙයි අම්මගේ කියලා තොල් වලින් විතරක් හිනාවුන එයාගේ මම ම අවුස්සපු කොන්ඩේ ආයෙම මගේ අතින්ම හදපු මම ඊට වඩා දෙයක් නොකරම එයාගෙ ලඟින් ඈත් වුනා.

සුදූට කේක් කවන්න ගිහින් මේකි දෙවෙනි සැරේටත් අර කම්මුල් දෙක අල්ලගෙන ඉඹගෙන ඉඹගෙන ගියා.. යකෝ කෙල්ලෙක් හැසිරෙන විදියද ඔය! අපේ එකීට ගානක් නෑනේ මේ ඉන්නේ කොල්ලෙක් කියන එක.. ඒත් ඉතින් මං ඒ දිහා බලාගෙන උන්නෙත් හිතට දැනෙන මහා ලෝබ කමකින්.. මගේ පැටව් දෙන්නා!

වස්සාන හාදු || The Rainy KissesWhere stories live. Discover now