•හතලිස් අටවන දිගහැරුම•

2.1K 382 162
                                    

ඒ සුදු පාට සිනිදු බෙල්ලට මම පහත් උනේ හිතේ කකියන කේන්තියත් එක්ක වෙද්දි කිසිම දවසක උවමනාවෙන් මගේ කොල්ලට රිද්දන්නේ නෑ කියලා මටම පොරොන්දු දීගෙන උන්නු මගේ අතින් ඒ පොරොන්දු බිදිලා පොඩිපට්ටම් වෙලා ගියා.

"ස්..සුදු... අයියේ! ආර්හ්....!!"

බෙල්ල පාමුලම කොල්ලට පැල්ලම් ඉතිරි කරලා ප්‍රශ්න හදන්න බැරි නිසා ඒ බෙල්ල මගාරින ගමන් ඒ උරහිස මුදුනට මගේ මූන ගෙනාව මම එයාගේ දකුණු උරහිස හපපු පාරේ සැරට සයුරුට කෙඳිරිගෑවුනා.. නෑ කෑගැස්සුනා. මගේ අත් වලට වඩා පොඩි ඒ අත් දෙකට මගේ උරහිස් මිරිකුන විදියට මට දැනුනා.. කොල්ලට මහ හුඟක් රිදුනා. ඒත් සයුරු මාව තල්ලු කලේ නෑ. එයා කලේම මගේ උරහිස් වල එල්ලීගෙන මම එයාට දෙන වේදනාව දරාගන්න එක..

මට අදහසක් නෑ මම එවා කොච්චර තදින් හැපුවද කියන්න.. මගේ ලොකු අත් දෙකට ඒ ඉන හිරවෙනකොට ආයෙම කෙඳිරිගාපු සයුරුගේ ඒ උරහිසේම තවත් තැනක් මගේ දත් වලට අහු වුනා විතරයි....,

ඒ ඇගිලි තුඩු තවත් මගේ උරහිසට මිරිකුනා..

"අ..අයියේ.. ඔයා.. ආර්හ්.. මට රිද්දනවා.."

මගේ උරහිසේ එල්ලිගෙනම අමාරුවෙන් වචන දෙක තුනක් ගැටගහත්ත සයුරුගෙ වචන වලින් මට උනේ මගේ කේන්තිය තවත් ඇවිස්සෙන එක වෙනකොට උරහිසෙන් තොල් අහක් කරගත්ත මම ගිනිපිටවෙන තරම් කේන්තිය උතුරන ඇස් වලින් ඒ ඇස් වලට එබුනා..

කවදාවත් කඳුලු දකින්න අකමැති උන ඇස් අස්සට මම නිසාම අදත් කඳුලු පිරිලා තියෙනවා දකිනකොට කේන්තිය වැඩි උනා මිසක් අඩු නොවුන තැන ඒ කට දෙපැත්ත මගේ ඇගිලි තුඩු දෙකකට හිරවුනා විතරයි කොල්ලගෙ ඇස් අස්සෙන් කඳුලු වැලක් පහලට බේරුනා..

ඌව මට අඩවන්න උනේ ඌම කරපු මෝඩ කමක් නිසා වෙනකොට මම කේන්ති ගත්තේ සයුරුව අඩවපු මම එක්ක නෙවෙයි මාව ඒ තැනට ගෙනාව සයුරු එක්ක.

හිතුවක්කාර කම් වලට, මෝඩ කම් වලට, විහිලු වලට සීමාවක් තියෙනවා. සයුරු අද පැන්නේ ඒ සීමාව. එයා සෙල්ලම් කලේ ඌ වෙනුවෙන් මේ හිත අස්සේ තප්පරෙන් තප්පරේ ලියලන ආදරේ එක්ක.

කොච්චර උත්සාහ කලත් මට ඒක අමතක කරගන්න බැරි උනා.. සමහරවිට.. මම උත්සාහ නොකරන්න ඇති. කේන්තිය මාව මගේ පාලනෙන් ටික ටික ගිලිහවනකොට මම දත් මිටිකාගෙනම ඒ මූනටම ලං වුනා. සෙන්ටිමීටර් දෙක තුනක් පරතරේ හිටින්න මම එයාට ලං වුනා.

වස්සාන හාදු || The Rainy KissesOnde histórias criam vida. Descubra agora