•විසිපස්වන දිගහැරුම•

2.2K 408 265
                                    

මේකට කලින් දාපු 24වෙනි කොටස මගෑරුන කෙනෙක් ඉන්නවා නම් ඒකත් බලන්න බබාලා.. මොකද සමහරුන්ට අප්ඩේට් ඇවිත් තිබුනෙ නෑ..



*

*



මහන්සිබර දවසක් අවසානේ හවස 6ට කිට්ටු වෙන්න ඉවර වුන ක්ලාස් වලින් එලියට ආව මම අකේන් එක්කම ගම්පහ ස්ටේශන් එක පැත්තට ඇවිදන් ආවා.. තනියම නෙවෙයි. අපි දෙන්නා ඉස්සරහින් ඇවිදිනකොට ඒ කිට්ටුවෙන්ම වගේ අපිට පිටිපස්සෙන් ආවේ එයා.. මට ලාවට ඇහුනා හරි නම් එයා කලිඳුත් එක්ක අද උගන්නපු පිසික්ස් පාඩමේ අමාරු තැනක් ගැන කතා කර කර ආවේ..

ඉතින් මමයි අකේනුයිත්.. ඇත්තටම කිව්වොත් අකේනයා.. ක්ලාස් ඇරිලා යන, බඩ මැද්දට ඩෙනිම ගහලා කොට ටීශර්ට් අදින, උලකුඩය දේවිගෙ මී මිණිබිරියො කියල හිතාගෙන ඇවිදින කෙල්ලොන්ගෙ ඩිකි දිහා බල බල ඒවාගේ එක එක ඇද කියනවා.. එකක් පෙන්නලා පොඩියිලු.. අතටවත් මදිලු..
තව එකක් පෙන්නලා ලොකු වැඩිලු. ඇත්තු ලව්වා පාගන්න වෙයිලු.. තව එකක් පෙන්නලා 'අරක රවුමට වට්ටක්කා පලුවට තිබුනට වැඩක් නෑ බං ඕක ස්පන්චි' කිය කිය මූ ඩිකි වල සයිස් මයිනවා අහගෙනම මමත් ඌ එක්ක හිමින් හිමින් ඉස්සරහට ආවා.. හදිසියක් නෑ ට්‍රේන් එකට විනාඩි 15ක් විතර තියෙන නිසා.

ඉතින් දවස කොච්චර මහන්සි උනත් විඩාබර උනත් අර වෙනදා දැනෙන එපාවුන ගතිය, ක්ලාස් ඉවර වෙද්දි තියෙන පන ටික අතේ අරන් යන ගතිය අද මගේ ලඟ තිබුනෙ නෑ..
ඒ වෙනුවට තිබුනේ මේ දැන් පැය ගානක් පීනලා පූල් එකෙන් ගොඩ ආව හැඟීමක්. ඇත්තටම මට දවසම මැරීගෙන පීනුවත් එපා වෙන්නෙ නෑ.. කොච්චර මහන්සි උනත් ඒ ජවය හිඳෙන්නෙ නෑ.. ආසාව අඩු වෙන්නෙ නෑ. ඉතින් අදත් ඒ වගේ දවසක්..
මට දැනුනෙම දවස තව දික් උනත් කමක් නෑ වගේ හැඟීමක් වෙනකොට මං හැමෝටම හොරාවට මගේ පිටිපස්සට ඇහැ විතරක් යැව්වා..

මං හිතන්නේ මේ සේරම වෙනස් කම් වලට වග කියන්නෝනි එයා.. ඔය එන්නෙ හිකනල් පැටියෙක් වගේ මගෙ පිටිපස්සෙන්.. මම ඇහැ දානකොටම කලිඳු එක්ක කතා කර කර උනත් මගේ දිහාවම බලාගෙන උන්න එයා ඉක්මනින් වෙන පැත්තක් බලාගත්තත්.. ඒ වෙද්දිත් හොර ගෙඩියා මගෙ අතටම අහු වෙලා ඉවරයි..

වස්සාන හාදු || The Rainy KissesWhere stories live. Discover now