•දොලොස්වන දිගහැරුම•

2.2K 407 307
                                    

"අයියා අනේ කුහකයෙක් නොවී මාවත් එක්කන් යනවකෝ"

අපි හිටියේ ගම්පහ කිට්ටු කරලා.. බහින්න ඔන්න මෙන්න තියලා මං සුදූට මං ගම්පහින් බහිනවා පරිස්සමෙන් ඉතුරු ටික යන්න කිව්ව වෙලාවෙ ඉදන් ඒකි නහින්න හදනවා.. ඒකිවත් අරන් යන්නලු..

"කියන දේ අහලා ගෙදර යනවා සුදු මැනිකේ... ආවා මෙතන කොල්ලො එක්ක රෝන්දේ ගහන්න"

කියන දේ නාහනම තැන මං සුදූට සැර උනා.. කෙල්ලගෙ මූන කරවුන රොටියක් වගේ කලු ගහද්දි මේකි ඊලඟට හැරුනේ අකේන්ගේ පැත්තට..

"අකේන් අයියා තමුසෙවත් කියනවකෝ අනේ මේ උනහපුලුවට... මං තනියම නෙවෙයිනෙ ඔයාලා ඔක්කොම ඉන්නවනේ. අනික සයුරු අයියා මගෙත් යාලුවෙක්නේ අප්පා..."

"ඔන්න ඔහේ ආවදෙන් හසරැලා පව්නේ පොඩි එකී"

මං කියන්නේ. මුන් ඔක්කොම එකයි..

"දැන් මේකි අපි එක්ක ආවම හවස ගෙදරට එන සර් උගන්නන්නෙ සිරියා නැන්දටද කියපන්කෝ උඹ"

මං අකේන්ටත් සැර උනා.. සුදූට අද ක්ලාස්.. එන දෙසැම්බර් ඕලෙවල්.. මේකිට කිසි උනන්දුවක් නෑ. කතාව නම් ඒලෙවල් වලින් අයිලන්ඩ් රෑන්ක් දාන්න එවුනාට මේකි ඕලෙවල් පාස් වෙයිද කියලවත් මට සැකයි. මෙව්වට වගකියන්නෝනෙ අර තායි කාරයො තමා. කොයි වෙලාවෙත් රයිකාන්තොපෙනිද මොන තොපෙනිද ගගා වැලලෙන්න හදනවා මුන්ටත් සිහියක් පතක් නෑ උඩ දාගෙන බලනවා..

"හරි හරි අප්පා.. එයාට හෙට එන්න කියමුකෝ අයියා.. අනේ තමුසේ හොඳයිනේ. මේ සුදුයිත් එක්කනේ.. එක්කන් යන්නකෝ අනේ වදයක් නොවී"

"හා හා එනවකෝ එහෙනම්.. හැබැයි අම්මා හරි අප්පච්චි හරි මට බැන්නොත් නේ.. එක්සෑම් ඉවර වෙනකන් ලැප් එකට ටටා බායි තමයි මැනිකෙ ඈ"

මං ටිකක් සීරියස් මූඩ් එකෙන් පොඩි අවවාදයක් දුන්නා. අයියා උනාම ඉතින් දන්නැද්ද.. ඒ අස්සේ අයියලගෙ නංගිලගෙ වලිය දිහා බලාගෙන අරූ.. කලිඳුවා තොල් තද කරන් හිනාවෙනවා..

"මොකද උඹ.. දෙන්නෙ උබටත්!!"

"අනේ මගේ සුදු අයියා.. උම්මා.. ආතරෙයි අනේ.. යේහ්හ්හ්හ්හ් මං මස්සිනා බලන්න යනවා"

වස්සාන හාදු || The Rainy KissesWhere stories live. Discover now