68🤍

1.8K 345 337
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"චූටි අප්පෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"චූටි අප්පෝ..."

මෙච්චර වෙලා බැල්කනියට වෙලා පාරෙන් එහාට පේන වෙලෙනුත් ඈතට අරමුණක් නැතුවම ඇස් යොමාගෙන අත් දෙකත් පිටිපස්සට බැදගෙන කල්පනාවක උන්නු මම ආයෙම මගේ කාමරේ ඇතුලට හැරුනේ මගේ කොල්ලටත් කතාකරගෙනමයි..

එයා ඩෝනට් කනවා.. හේශාන්ව හම්බෙලා එන ගමන් මම ගෙනත් දුන්නු ඩෝනට් හරි ආසාවෙන් කකා උන්නු එයා ඒකත් කටේ හිරකරගෙනම මගේ කටහඬට ඔලුව උස්සපු විදියට මට ඇත්තටම සයුරුව පෙනුනේ පුන්චි දරුවෙක් වගේ...

කට වටේටම චොක්ලට් ගාගෙන... ඇගිලි පහේමත් චොක්ලට් ගාගෙන.. අනිත් අතින් අයිස් කොෆි කප් එක අලගෙන මදිවට තව ඩෝනට් තුනක්ම ඉතුරු බොක්ස් එක ඔඩොක්කුවේ තියාගෙන, අනේ නිධානයක් හම්බුන ගානට මාවත් අමතක කරලම ඩෝනට් කන මගෙ කොල්ලා ලඟට මම ඇවිදගෙන ගියේ හිත කොච්චර බර උනත් මූනෙ පුන්චි මදහසක් එයා වෙනුවෙන්ම මවාගෙන!

මේ තමයි ඉතින් මගෙ හිනාව.. මගෙ මුලු ලෝකෙම.. එයාව මුණගැහෙනකනුත් කිසිම බරක් නැතිව ආතල් එකේ ජීවත් වුනු මට පුතෙක්ගේ, සහෝදරයෙකුගේ, පෙම්වතෙකුගේ වගකීම් මොන වගේද කියලා මට කියලා දීපු මගෙ පුංචි වස්තුව...

මම ආදරෙයි මගෙ කොල්ලට!

කොච්චර කාශ්ඨකේ ගැහුවත් මහ මුහුද කවදාවත් හිඳුනේ නෑ වගේමයි, කොයි තරම් ප්‍රශ්න කරදර අපේ ජීවිත වලට ආවත් උඹ වෙනුවෙන් මේ කකියන ආදරේ, තප්පරෙන් තප්පරේ දලු දානවා මිසක කිසිම දවසක දාපු දළු වේලිලා යන්නේ නෑ මගෙ රත්තරන්...

වස්සාන හාදු || The Rainy KissesWhere stories live. Discover now