"ආයිශ්....!"
කේන්තියෙන්ම කොන්ඩේ ඇදගත්තු මම ඇද උඩ තිබුන අන්තිම කොට්‍ටෙත් බිමට විසි කරන ගමන් එක අතකින් මගේ ඇවිස්සිලා තිබුන කොන්ඩේ ආයෙම සැරයක් අවුස්ස ගත්තා. අද දවසේ විසි දෙවෙනි වතාවටත් සයුරුගේ නම්බර් එකට කෝල් කලාත් ඒ කෝල් එකත් රිං වෙලාම කට් වුන තැන තවත් මට ආවේස වෙන්න මාරයෙක් නැති උනා..
දැන් වෙලාව උදේ 9යි කාලයි.. ඊයෙ රෑ පාර්ටි එකේ ඉදපු කොල්ලා හදිසියේම ගෙදර යනවා කියලා දාපු මැසේජ් එකට පස්සේ මේ වෙනකනුත් මට එක මැසේජ් එකක් වත් නැති කොට මම එලිවෙන පාන්දර හයේ ඉදන් ඒ ෆෝන් එකට කෝල් කලා..
ඒත් නෑ.. ආන්ස කරන්නෙ නෑ..මගේ හිතට දැනුනේ බයක්.. සාමාන්‍යයෙන් නිවාඩු දවසට වැඩියෙන් නිදාගන්න කෙනා මම උනත් මගේ කොල්ලා අනිවාර්ය උදේ 7 වෙද්දි නැගිටලා මට මැසේජ් කලා.. ඒක එයාගේ පුරුද්ද.. ඉතින් එහෙම මිනිහාගෙන් උදේ 9 පහු වෙලාවත් කෝල් එකක් මැසේජ් එකක් නැති කොට මම නොසෑහෙන්නම බය වුනා..
ඊයෙ රෑ මට හරිහමන් නින්දක් වත් නෑ.. නින්ද යන්නෙ නෑ. නොයා බැරි ගමන අකමැත්තෙන් යැව්වා උනත් හිත කිව්වෙම මොනා හරි දෙයක් වෙලා කියන එක වෙනකොට ඒ ගිය ගමනෙන් පස්සේ සයුරුගේ හැසිරීමත් වෙනස් වෙද්දි මම යකා උනා..
ඇත්තටම එහෙම වෙනසක් උනේ නෑ.. කොල්ලා තාමත් නිදි! ඒක විතරයි වෙනස.. ඒත් ඒ වෙනසට පවා මම බය උනා. මගේ හිත මේ වෙලාවේ පවා ගැහෙන තරම පිටට පේනවා නම්................. කේන්ති ගත්තට උඹලා වත් මට බනින එකක් නෑ.. මම මගේ කොල්ලට ලෝබයි.. ඉරිසියයි.. වෙන එකෙක්ගේ හුස්මක් තියා බැල්මක් වැටෙනවටත් මම තරහයි..
මම නැති අතරේ අර කාලකණ්ණියා මගේ කොල්ලට අතක් හරි තියලා තිබ්බොත්!
විසි දෙවෙනි කෝල් එකත් රිං වෙලාම කට් වෙලා යනකොට වෙන කරන්න දෙයක් නැති උන මම කේන්තියටම වෙව්ලන ඇගිලි වලින් එයාට මැසේජ් එකක් ටයිප් කලා..
"මාව මාරයා කරගන්නේ නැතුව හොද හිතින් ෆෝන් එකට ආන්ස කරපන් සුදූ..."
මැසේජ් එක ඩිලිවර් උනත් ඊලඟ කෝල් එකත් කට් වෙලා යනකොට,
"හැබැයි තව විනාඩි 5ක් යන්න කලින් උඹ මට කතා නොකලොත් තව පැයක් යනකොට මම උඹේ ගේ ඉස්සරහ ඉදියි.."
"මම මෙහෙන් එලියට ආවොත් ආයෙ අම්මා අප්පා මලා කිව්වත් හැරෙන් නෑ පුතෝ"
![](https://img.wattpad.com/cover/345814464-288-k558612.jpg)
YOU ARE READING
වස්සාන හාදු || The Rainy Kisses
Fanfictionමේ දඩබ්බර හිතකට අයිතිවාසිකම් කියූ අවිහිංසක හිතක ආදර කතාවක්....